අෂ්ෂෙයික් එස්.එම්.එම්.ෆලීල් (නලීමි)
B.A., M.A., M.Phil. (පේරාදෙණිය)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ජාමිආ නලීමිආ – ඉස්ලාමීය උසස් අධ්‍යාපන ආයතනය,
බේරුව
ඉහත මාතෘකාව ඇතැම් විට පුදුමයක් ගෙන දෙන එකක් විය හැකිය. සමාදානය යන්නෙහි අර්ථය අරගලයක් නොමැති කම පෙන්වීමය. එසේ තිබියදී සමාදානය කරා යෑමට යුද්ධය එක් මාධ්‍යයක් බවට භාවිත කරනුයේ කෙසේද යන ප්‍රශ්නය පැන නැගීම සාධාරණය. සමාදානය හා සහජීවනයට විරුද්ධ වන්නන් නැතහොත් බහුත්වය දරා ගැනීමට නොහැක්කන් කරන්නා වු අශෝබන ක්‍රියාවන් හේතු කොට ගෙන, ඔවුන් එක් සමාජයක සිටින තාක් කල් එහි වෙසෙන්නන් හට සැනසිල්ලේ ජීවත් විය නොහැක. එහෙයින් ඔවුන් ව සූක්ෂම ලෙස තෝරා අයින් කළ යුතුය. නැතහොත් ආයුධ බලයෙන් හෝ පරාජය කළ යුතුය යන්න ඉස්ලාමයේ ස්ථාවරයයි.
ඉස්ලාමීය ඉතිහාසය පුරාවටම සිදු වූ යුද්ධයන් සියල්ල ආත්මාරක්ෂක හේතුන් මත මිස -එනම් නිදහස් වාතාවරණයක් ලබා දීමේ අරමුණෙන් යුතුව සිදුවුනු ඒවාය. ඒ අනුව මෑත කාලයක සිට ඉස්ලාමය පිළිබඳව ඉදිරිපත් වන සැකයක් සම්බන්ධව පිළිතුරක් ලබා දීමේ අරමුණෙන් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කෙරේ.
ඉස්ලාමයේ යුද්ධය හෝ සමාදානය පිළිබඳ පරීක්ෂණ පවත්වන කෙනෙකු අල්කුර්ආනයේ හා හදීස් (නබි වදන්) හි සඳහන් වන ඇතැම් වැකි කියවා ඒවා සහජීවනයට මුළුමනින්ම පටහැනි බව සිතීමට ඉඩ ඇත. නමුත් එම වැකි කුමක් සඳහාද කවරෙකු පිළිබඳවද කිනම් වාතාවරණයක පවසනු ලැබුවේද යන්න ඉතා ගැඹුරට අධ්‍යයනය කළ විට ඒවා පිළිබඳව පැහැදිලි නිගමනයකට එළඹිය හැක.
උදාහරණයක් වශයෙන් අල්කුර්ආනයේ (යුධ වැදීමට තහනම් කළ) ශුද්ධ වූ මාසයන් ඉකුත්ව ගියේ නම්, ආදේශ තබන්නන් ව ඔබ කොහේ දුටුවද මරා දමන්න. ඔවුන්ව අත්අඩංගුවට ගන්න. (ඔවුන් නවා තැන් තනා ඇති ස්ථානවල) ඔවුන් ව රඳවා තබන්න. නිරීක්ෂක ස්ථාන සැම එකකම ඔවුන්ව බලාපොරොත්තුවෙන්සිටින්න.[1][1]
“ආදේශ කරන්නන් සියල්ල එක්වී ඔබට එරෙහිව සටන් කරන්නාක් මෙන් ඔබ
සියල්ල ද එකතු වී ඔවුන්හට එරෙහිව සටන් කරන්න.”[1][2]
[1]
“විශ්වාසවන්තයනි, ඔබට යාබද ව සිටිනා අවිශ්වාසයන් සමග සටන්
වදින්න. ඔවුන් ඔබලාගේ දැඩි භාවය දැන ගනිත්වා!”[1][3]
[1]
තවද වරක් නබි(සල්) තුමා, “ජනයිනි, අල්ලාහ් හැර වෙනත් රක්ෂකයෙකු නොමැති බවද මුහම්මද් නබි(සල්) තුමා ඔහුගේ දූතයා බවද සාක්ෂි
පවසනා තුරු ඔවුන්හට එරෙහිව අරගලයේ යෙදෙන මෙන් අණ කරනු ලැබුවෙමු.”[1][4]
[1]
ඉහත සඳහන් අල්කුර්ආන් හා අල්හදීස් වැකියන් හි බාහිර
අදහස පමණක් දුටු ඇතැම් පිරිස් අනෙකුත් සමාජයන් සමග මුස්ලිම් සමාජයේ සම්බන්ධකම කෙසේ
තිබිය යුතුදැයි මෙම වැකියන් මගින් පවසන්නේ යැයි කියති. එහෙයින්, මෙම වැකියන් පිළිබඳව සත්‍ය පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේය.
ප්‍රථමයෙන් ෆහ්මි හුවෛදී නම්
ලේඛකයාගේ දෘෂ්ටිකෝණයෙන් මෙසේ කිව හැකිය.
“මෙම වාක්‍යයන් ඒවායේ පැවැත්මෙන්
වෙන්කර තනිව ඒවා ගැන විස්තර කිරීමට වෑයම් කරන්නේ නම් එය වැරදිය. මෙම වැකියන්
සියල්ලෙහිම ඒවාට ප්‍රථමයෙන් හෝ පිටුපසින් යුත්
වැකියන් පිළිබඳවද අවධානයට ගත යුතුය. ඒවා ඉතිහාසයේ කුමන කාල පරිච්ඡේදයේ දී පැවසූ එකක්ද යන වග තීරණය කළ යුතුය. මුස්ලිම් – මුස්ලිම්
නොවන අයගේ සම්බන්ධතාවය මෙලෙස පැවතිය යුතුයි යන්න කිසිවෙකු විසින් නිගමනය කළේ නම් එවැන්නන්ගේ
ඥානයේ ගැඹුර පිළිබඳවද ඔහුගේ අරමුණ පිළිබඳවද සැකයක් පහළ කළ යුතු වන්නේය. මෙවැනි වැකියන්
මුස්ලිම් හා මුස්ලිම් නොවන අය යම් අරගලමය අවස්ථාවක මුණ ගැසෙන විට මුස්ලිම්වරු අනුගමනය
කළ යුතු පිළිවෙත්ද එසේ නැතිනම් සාමාන්‍ය ජීවන ගමනේදී අනුගමනය කළ යුතු දේවල්ද යන ප්‍රශ්නයට
සාධාරණ වූ විසඳුමකට එළැඹිය යුතුය. යුදමය අවස්ථා හැර සාමාන්‍ය ජන ජීවන වාතාවරණයක මෙම
අල්කුර්ආන් අල්හදීස් වැකියන් පවසනු ලැබුවේ නම් මෙම පැමිණිල්ල සාධාරණ එකක් විය හැක.”[1][5]
[1]
හුවෛදීගේ ඉහත සඳහන් කරුණු
වලින් මෙම වැකියන් සියල්ල ඒවායේ සන්දර්භය (context) අනුව විග්‍රහ කළ යුතු බව වැටහෙන්නේය.
ආචාර්ය අබූසුලයිමාන් මේ
පිළිබඳව පවසන විට අල්කුර්ආනයේ පෙන්වන ලද
යම් විශේෂිත සිදුවීම්, ඒවායේ කාලය, ස්ථානය,
පරිමාණ වාතාවරණය යටතේ පරීක්ෂණයට ලක් කළ විට ඉස්ලාමීය පරිමාණයන් වල නිර්මාණ
සැලසුමෙහි සීමාව තුළ ඒවා ලබා ඇති වැදගත්කම අපට වටහා ගත හැකිය. යුද්ධය පිළිබඳ ඉහත
සඳහන් වැකියන් කුරයිෂි ගෝත්‍රිකයන් හා ඔවුන් හා බැඳුනු ගෝත්‍රිකයන් හට එරෙහිව
මුස්ලිම් වරුන් මෙහෙය වූ භයානක අරගලයත් එවැනි වාතාවරණයක් පිටුපස සිදුවූ බව
වැටහෙන්නේය. එම විරුද්ධ වාදීන්ට එරෙහිව යුද්ධය මෙහෙයවන ක්‍රමය පිළිබඳ මෙම වැකියන්
මගින් පවසන්නේය.[1][6] මෙය එක්තරා නියමිත අවස්ථාවක් පමණක් මුල්
කර ගෙන පවතින්නේය.
අල්කුර්ආනයෙහි සමහර වැකියන්
වෙනත් වැකියන් හා වෙනස් වූ ඒවා ලෙසද ඒවා සමග සම්බන්ධතාවයක් නොමැති බවද සලකා අදහස් ප්‍රකාශ නොකළ යුතුය. කිසි දෙයක්
උඩින් පල්ලෙන් නොබැලිය යුතුය. නියමිත අල්කුර්ආන් පරිච්ඡේදයක එක් පාඨයක් මගින් පවසන
දේ එම පරිච්ඡේදයේ අනෙකුත් පාඨයන් සමඟ ඇති සම්බන්ධතාවය ද සැලකිල්ලට නොගෙන සම්බන්ධයක්
නොමැති ආකාරයට එක් පාඨයක් හෝ නැතහොත් පාඨයක කොටසක් හෝ ගෙන අර්ථය විස්තර නොකළ යුතුය[2][7]
යනුවෙන් ඔහු පවසයි. මෙම අවවාදයන් වලට අනුව ඒවායේ කාලය දේශ සීමාවේ ඉඩ ප්‍රමාණයෙන්
ඔබ්බට දීර්ඝ නොකළ යුතුය[3][8]
යනුවෙන්ද එතුමා දක්වන්නේය.
එසේ නම් තද වචන භාවිතයෙන්
යුක්ත ව මෙම ශුද්ධ වූ අල්කුර්ආන් හා අල්හදීස් වාක්‍යයන් පිහිටන්නේ කෙසේද යන ප්‍රශ්නය
පැන නැගිය යුතුය.
- පහළ වූ කාල වාතාවරණය
ඉස්ලාම් දූත මෙහෙවරෙහි
යෙදෙමින් නබි(සල්)තුමාණන් මක්කම නගරයේ ප්‍රචාරය කරමින් සිටින විට අදහස් හා ආගමික
නිදහස් වලට අබ මල් රේණුවක් තරම්වත් අවසර දීමට ඉඩ නොදුන් කුරයිෂ් ගෝත්‍රිකයන් මුස්ලිම්
වරුන්ව මුලිනුපුටා දැමීමේ අටියෙන් ඔවුහු තදින් ක්‍රියා කළහ. මක්කාවේ මුස්ලිම්
වරුන් වෙත ආර්ථිකමය සම්භාධක, සමාජමය තහනම්, අගෞරවය, වද දීම්, මිනීමැරුම් ආදිය
දිගටම සිදුවෙමින් පැවතිනි. ඉවසා ගත නොහැකි තරම් වූ මෙම වේදනාවෙන් මිදීම පිණිස මුස්ලිම්
වරුන් මුහුදෙන් එතෙර වී ඇබිසීනියාවට යෑමට තීරණය කළහ. නබි(සල්)තුමාද තමන්ගේ දූත
මෙහෙවර නිදහසේ ඉටු කිරීමේ වාතාවරණයක් සොයා තාඉෆ් නගරයට ගියේය. සියල්ලක්ම පරාජය වෙද්දී අරමුණද ප්‍රාණයද තමන්
සතු භාණ්ඩද ආරක්ෂා කර ගැනීමට ශක්තිමත් රජයක්
ගොඩ නැගීම සඳහා මදීනා නගරය බලා ඉතා රහසිගතව ඔවුහු සංක්‍රමණය වූහ.
මක්කා නගරයේ සිට මුස්ලිම්
වරුන් මදීනා නගරයට ගිය පසුව ද කුරෛෂ් වරුන්ගේ පහර දීම්ද බලපෑම් ද දිගටම සිදුවිය.
මුහම්මද් නබි(සල්)තුමාගේ දූතත්වයට තිතක් තැබීමට මදීනා නගරයේ සිටි යුදෙව් ගෝත්‍රිකයන්ද
අනෙකුත් අරාබි ගෝත්‍රිකයන්ද කුරෛෂ් වරුන් තමන් හා ඈඳා ගත්හ.[1][9]
[1]
එහෙයින් මුස්ලිම් වරුන් නිරතුරුවම
තිගැස්මෙන් හා යුද්ධයකට සූදානමින් සිටියෝය. ජීවිතයට හා තමන් සතු දේපල වලට ද දිගටම
බියක් ඇති කළහ. බද්ර්, උහද්, අගල් වැනි යුද්ධයන්හිදී මුස්ලිම් වරුන්ව අකා මකා දැමීමට
කුරෛෂ් වරුන් වෑයම් කළෝය. කිහිප අවස්ථාවකදීම මුස්ලිම් වරුන් හා ඇතිකරගත් ගිවිසුම්
ඒක පාර්ශිකව අභිබවා ගොස් ඔවුහු ද්‍රෝහී වූහ. ආයුධ
සන්නද්ධ නොවී ප්‍රචාරක කටයුතු වල යෙදුනු පුද්ගලයන්වද එම ආදේශකයන් ඝාතනය කළහ. ‘යව්ම් අර්රජී’, ‘බිඃරු මඌනා’
යන සිදුවීම් මෙයට කදිම නිදසුනක්ය. එනම් අවිශ්වාස වන්තයන්හට ඉස්ලාමය ඉගැන්වීමට ඉස්ලාමීය
ප්‍රචාරකයන්ව යවන මෙන් මුහම්මද් නබි(සල්)තුමාගෙන්
ඔවුහු ඉල්ලා සිටියහ. එම ප්‍රචාරකයන් එම කාර්යයෙහි යෙදී සිටියදී රජී හී 10 දෙනෙකුද මඌනා හි 70 දෙනෙකුද සතුරන් විසින් ඉතා කෲර ලෙස ඝාතනය කරන ලදී.[1][10]
[1]
මෙවන් ද්‍රෝහි ක්‍රියාවන්
විටින් විට සිදුවෙමින් පවතින විට, එම මුස්ලිම් නොවන අය සමග සුහද සම්බන්ධතාවයක් ඇති
කර ගත නොහැකි බැවින් ඔවුන්ගේ බිය ගැන්වීම් වලට අවසානයක් දැකීම සඳහා මුස්ලිම්
සමාජයේ ආරක්ෂාව තර කර ගැනීමට ඔවුන්ට සිදුවිය. එහිදී ඉවසීම හා දරාගැනීම කිසිම
අයුරකින් හෝ ඵලක් නොමැති වාතාවරණයක් උදාවිය. ඉවසීමෙන් සිටීම සිය දිවි හානි කර ගැනීමට සමාන කාර්යයක් වන්නට
විය.
මුස්ලිම් වරුන්ගේ මනෝ භාවය
විස්තර කරන අල්ලාහ් : “ඔබලා මහ පොළොවේ බෙලහීනයන් වූ ඉතා සුළුතරයක් ලෙස සිට ජනයා (හැම
මොහොතේම බලහත්කාරයෙන් ඇඟේ) ගෑවී ගෙන යන්නේ ද යනුවෙන් බියපත් වී සිටි අවස්ථාව
සිහිපත් කර බලනු”
යනුවෙන් පැවසීය.[1][11]
[1]
මදීනා නගරයේ මුස්ලිම් විරෝධී
සාමූහික බල ඇණියේ එකමුතු භාවය හේතුකොට ගෙන හිජ්රි 5 වන වර්ෂයේ අගල් යුද්ධය ඇති වූයේ බනු අන්නලීර්, කුරෛෂ්,
කත්බාන් සහ කෛස් අයිලාන් යන මොවුන් සියලු දෙනා එකතු වී මදීනා නගරයේ මුස්ලිම් සමාජය
සුණු විසුණු කර දැමිය යුතු යැයි තීරණය කර ක්‍රියා කළ නිසාය. ඉදිරියට ඇදෙන බලසම්පන්න සතුරු සේනාව මදීනා නගරය තුළට ඇතුල්
නොවන ලෙසට මදීනා නගරයේ මුස්ලිම් වරු අගල් හෑරූහ. මෙම අවස්ථාවේ, ඉතා අහිතකර ක්‍රියාවක්ද
එසැනින්ම සිදුවිය. මුහම්මද් නබි (සල්) තුමාට පක්ෂව සිටි යුදෙව් ගෝත්‍රයක් වන බනු
කුරෛලා වරුන් සතුරු සේනා සමග එකතු වී මුස්ලිම් වරුන්ට පිටුපසින් පැමිණ පහර දීමට
කුමන්ත්‍රණය කළහ.[4][12]
එම අවස්ථාවේ දී ඇති වී තිබුණු මුස්ලිම් වරුන්ගේ තැති ගැන් වූ මනෝභාවයන් පිළිබඳව
අල්ලාහ් පහත සඳහන් ආකාරයට විස්තර කරති.
“ඔබලාට පිටුපසින් හා
පහළින් ඔබ වටකරගෙන ඔවුන් පැමිණි අවස්ථාවේ
දී (ඔබලාගේ) විවෘත වුණු ඇස් විවෘත වූ ලෙසින්ම (ඔබලාගේ) හෘදයන් ඔබලාගේ උගුරැ (දඩු)
වලට ළඟා වී (ඔබලා කලබල වී) අල්ලාහ් පිළිබඳ ඔබලා (වරදවා) විවිධ ලෙස සිතු අවස්ථාවන්
ද ඔබ සිතා බලන්න. එම ස්ථානයේ විශ්වාස වන්තයින් (මහා) පරීක්ෂණයකට ලක් කරනු ලැබූ අතර
කවරෙකුගේ හෘදයන් වල රෝගයක් තිබුණ ද ඔවුන්
හා කුහකයින් සූදානම් වූයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්වද (කුමන්ත්‍රණය කර)රවටන්නටය.ජයග්‍රහණය
ලැබෙන්නේ අපටමය යනුවෙන් පොරොන්දු වූයේ යනුවෙන් කීමට එළඹීම පිළිබඳ සිතා බලන්න. මොවුන් (යුධ බිමෙන් බේරී ) දිව යාම හැර (වෙන
කිසිවකට) කැමැති වුයේ නැත”.[1][13]
[1]
මෙම වැකියේ පළමු වන කොටසින්
විශ්වාසවන්තයන්ගේ කලබලකාරිත්වය හා අසහනකාරිත්වය පිළිබඳව පෙන්වා දී ඇත. එමෙන්ම
අවසන් කොටස මුස්ලිම් සේනාවේ සිටි කුහකයන්ගේ තත්ත්වය පිළිබඳව ද විස්තර කරයි.
එහෙයින්, මෙවැනි අසීරු කාල
පරිච්ඡේදයක කෲර සතුරන් සන්නද්ධව හමුවීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමෙහි කිසිම
වැරැද්දක් තිබිය නොහැක. කුරෛෂ්වරු ගිවිසුම් කඩා දමා, මුස්ලිම් වරුන් සමග යුද්ධයෙන්
ජය ගැනීමට සියලුම උපායන් ක්‍රියාත්මක කළහ.
ඒ අනුව, යුද්ධ කිරීම පිළිබඳ
කාලය පුරාවට ම තහනම් කරන ලද මාස හතරක කාලයක් යුද්ධ කිරීම පිළිබඳ ඔවුහු විරෝධය පළ කළහ. මුස්ලිම් වරුන් එම
මාස වල ශුද්ධ භාවය කෙලෙසන බවට පැමිණිලි කළෝය. එයට පිළිතුරක් වශයෙන් අල්ලාහ් පහත දැක්වෙන
අයුරින් පිළිතුරු සැපයීය:
“(නබිවරය) ශ්‍රේෂ්ඨ මාස වල
යුද්ධ කිරීම පිළිබඳ ඔබ වෙත ඔවුන් විමසන්නෝය. ඒවායේ යුධ වැදීම මහා පවක් (වන්නේය). නමුත්,
(ජනයා) අල්ලාහ්ගේ මගෙහි එකතුවීම වැළැක්වීමද ඔවුහු ප්‍රතික්ෂේප කිරීමද, (හජ් වලට
පැමිණෙන අයව) මස්ජිදුල් හරම් වලට පැමිණීම බාධා කිරීමද, එහි ජීවත් වන අයව එයින් පිට
කිරීමද අල්ලාහ්ගෙන්(ඊට වඩා) මහත් පවක් ලෙස පවතින්නේය. තවද (විශ්වාස වන්තයින්ට ඔබලා
කරනා) කම් කටොළු, ඝාතනය කිරීමට වඩා කුරිරුය. තවද කාෆිර් (මුස්ලිම් නොවන අය) වන අයවළුන්හට
හැකි වේ නම් (මුස්ලිම් වන) ඔබලාව, ඔබලාගේ ආගමෙන් පලවා හරිනා තෙක් ඔබලාට විරුද්ධව
අඛණ්ඩව යුද්ධ කරමින්ම සිටිති.”[1][14]
[1]
ශුද්ධ වූ මාස හතරක කාලයක්
සටන් නොවැදිය යුතුයි යන තහනම, ප්‍රයෝජනයට ගනිමින්, මුස්ලිම් සේනාවේ මනෝභාවයේ යම්
හීන භාවයක් ඇතිකරන්නට කාෆිර් වරුන් වෑයම් කරමින් සිටියෝය යන්න මෙයින් පැහැදිලි
වන්නේය. එමෙන්ම ඔවුන් සිදු කරන්නා වූ සාහසික ක්‍රියාවන් සමග සංසන්දනය කිරීමේදී එම
මාස වල ශුද්ධත්වය රැක ගැනීමට වෑයම් කිරීමට වඩා ඔවුන්ගේ පුහු මාන්නය මෙල්ල කිරීම
සුදුසු යැයි මෙම වැකියෙන් පැවසෙන අතර අවසානයේ කුමන වාතාවරණයක හෝ ඔවුන්ව තෘප්තිමත්
කිරීමට හෝ සාම පරිසරයකට ගෙන ඒමට හෝ නොහැකි බවද ඔවුන් ඉස්ලාමය වනසන්න සදහටම මහන්සි ගන්නෝය
යනුවෙන් ද පවසන්නේය. තවද ඇති කර ගත් ගිවිසුම් මොවුන් කුමන ආකාරයකින් හෝ සැලකුවේ
නොමැති බව කලින්ම විස්තර කරන ලදී. එහෙයින්, මෙවැනි තත්ත්වයක් තුළද ඔවුන් සමගි සහජීවනයක්
ගෙනයාම හා ඉවසිලිමත් භාවය අනුගමනය කිරීම කිසිසේත්ම ගැලපෙන්නේ නැත. එහෙයින් එකම විසඳුම විය හැක්කේ සටන් වැදීමය.
ආචාර්ය ජමාල් බදවී මේ පිළිබඳව
ලිවීමේදී මෙම වැකියන්ගෙන් පවසන කාල පරිච්ඡේදය හා විශේෂිත වාතාවරණයන් ගැන අප
සැලකිල්ලට ගත යුතු බව පවසයි. ඉස්ලාමය පිබිදෙන කාලයේ එය වටා යම් යම් අනතුරු හා
භයානක අභියෝග ද තිබුණේය. ඒවා තමන්ගේ මුදුන් මුල ගැඹුරට පතිත කර ශක්තිමත් වන්නට පෙර
ඒවා විනාශ කර දැමීමක් සේ විය. මෙවැනි අසාමාන්‍ය
වාතාවරණයකදී අදාළ වාක්‍යයන් පහළ වුයේ යැයි නොගෙන, එය සෑම වාතාවරණයකටම පොදු වූ විෂයයක්
ලෙස හුවා දැක්වීම හා අන්‍යාගමිකයන් සම්බන්ධව අනුගමනය කළ යුතු බව කුර්ආනයේ පවසන ලද
නිශ්චිත මූලධර්ම වලට පටහැනි නිගමනයන්වලට එළැඹීමට එය මග පාදන්නේය.[5][15]
යනුවෙන් ඔහු පවසන්නේය.
- සහජීවනය අවධාරණය කරන වැකියන් හා නබි තුමාණන්ගේ ක්‍රියා
පද්ධතියන්
එමෙන්ම මෙම කාල වාතාවරණයන් ඉවත්වීමේදී
නැතහොත් සතුරන්ගේ ක්‍රියා පටිපාටියෙහි හා
මනෝ භාවයන්හි වෙනසක් නිර්මාණය වීමේදී ඔවුන් සමග සහජීවනය හා ඉවසීලිමත් භාවයෙන්
කටයුතු කරන මෙන් අල්කුර්ආනය අණ කරන්නේය.
“ධාර්මික විෂයයෙහි නුඹලා සමග සටන් නොවදින තවද නුඹලාගේ නිවෙස්
වලින් නුඹලාව පිටුවහල් නොකරන අයගෙන් ඔවුන් සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන්
වෙත සාධාරණීය අයුරින්
කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණීය ලෙසින්
කටයුතු කරනන්නට ප්‍රිය කරති.”
නියත වශයෙන්ම (එසේ) අල්ලාහ් වළක්වනුයේ දහම විෂයයෙහි නුඹලා සමග සටන් වැද,
නුඹලාගේ නිවෙස් වළින් නුඹලා
පිටුවහල් කොට නුඹලාව පිටුවහල් කිරීමට උරදුන් අයගෙනි. තවද නුඹලා ඔවුන් මිතුරන් ලෙස
ගැනීමත්(වළක්වන්නේ)ය. තවද
කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ.”[1][16]
[1]
එහෙයින් සහජීවනය අන්‍යෝන්‍යව
සහයෝගිතාව, සාමය හා සාධාරණත්වය මුස්ලිම් – මුස්ලිම් නොවන අයගේ සම්බන්ධකමේ මූලධර්මය
යන්න මෙහි අර්ථය වන්නේය. ඒ අනුව, මුස්ලිම් සේනාව ද සතුරන්ගේ සේනාවද යුද පිටියේ සටන් කරමින්
සිටියදී (සටනට සම්බන්ධ නොවූ) මෙම කණ්ඩායම් දෙකටම අයත් පොදු ජනයා මෙම යුදමය
වාතාවරණයෙන් හානියක් නොමැතිව තමන් අතර ආදරය හා සෙනෙහස බෙදාගනිමින් සිටින්නෝය යනුවෙන්
අබු සහ්රා පවසන්නේය.[6][17] එහෙයින්, යුද්ධය යනු සේනාවන් දෙකක් අතර
සිදුවෙනවා මිස සමාජයන් දෙකක් අතර සිදු නොවන එකක් බව මෙයින් අවබෝධ වන්නේය.
මුස්ලිම් නොවන හා ඉස්ලාමය නොපිළිගත්
සියල්ලන්හට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන ලෙස වූ කලහයකට හේතු වන මෙම වැකියන් අණ කිරීමක් ලෙස පිළිගැනීම නිසා, පහත
දැක්වෙන අංගයන් පිළිබඳව අප සිතා බැලිය යුතු වන්නේය:
01) ‘ආගමෙහි බල කිරීමක් නොමැත’ යන කුර්ආන් වැකිය ප්‍රතික්ෂේප කළාක් මෙන්
එය පත්වන්නේය.
02) නබි(සල්)තුමා ද පසුව පැමිණි කලීෆාවරුන්ද (රාජ්‍ය නායකයන්) තම
තමන්ගේ රජය යටතේ යම් යම් ‘දිම්මත්’ ගිව්සුම් ඇති කර ගත්හ. ඉස්ලාමිය
රජයේ පුරවැසියන් ලෙස මුස්ලිම් නොවන අයට ජීවත් වීමට අවසර ලබා දී ඔවුන්ගේ ප්‍රාණය, දේපළ,
ගෞරවය, සැලකිල්ල යන දේවල් වලට වගකීම් ලබා දුන්නේය.
03) මුස්ලිම් නොවන අය සමග ඉවසිලිමත්ව හා ඔවුන් සමග සහජීවනයෙන් යුතුව
කටයුතු කිරීමට අවස්ථාවන්ද තිබේ යන්න අල්කුර්ආනයේ වාක්‍යයන් කිහිපයකම සඳහන් වේ. ඒවා
මක්කා කාල පරිච්ඡේදයේ පමණක් නොව මදීනා කාල පරිච්ඡේදයේද පහළ විය. කුමන කලක හෝ
කිසිවෙකු බලහත්කාර කම් කර ආගම් වෙනස් කිරීමකට ලක් නොකළ යුතුය යනුවෙන් එය පැහැදිලි කරන්නේය.
- මදීනා කාල පරිච්ඡේදයට අයත් වැකි සමහරක්:
නබි(සල්)තුමා මදීනාවට පැමිණි
පසු පහළ වූ සියලුම අල්කුර්ආන් වාක්‍යයන් යුද්ධ කිරීමට අණ කර ඇති බව ඇතැමුන් පවසති.
නමුත් පහත සඳහන් වැකි දෙස යොමු වී බලන විට එම අදහස වැරදි බව පැහැදිළි වේ.
අ) “ආගමෙහි බලකිරීමක් නොමැත. මෙමගින්
යහමග අවබෝධ වන්නට විය.”[1][18]
[1]
ආ) “ඔවුන්හට සමාව දෙන්න.
ඉවසීලිමත් වන්න. නිශ්චිත වශයෙන්ම අල්ලාහ් උපකාර කරන්නන් හට සෙනෙහස පාන්නෝය”[1][19]
[1]
ඇ) “අල්ලාහ්ට අවනත වන්න. දූතයාණන්
හට අවනත වන්න යනුවෙන් ඔවුන්හට පවසන්න. ඔවුන්
පිළි නොගන්නේ නම් (නබිවරයා වන) එතුමාණන් මත පැවරු වගකීම් වලට පමණය එතුමාණන් වගකිව යුත්තේ.
(ජනයිනි) ඔබ වෙත පැවරුනු වගකීම් වලට වග කිව යුත්තේ ඔබමය. පැහැදිලිව පැවැරීමේ වගකීම
පමණකි දූතයාණන් උසුලන්නේ.”[1][20]
[1]
(ඈ) “ආදේශ කරන්නන්ගෙන් කවරෙකු
හෝ ඔබ වෙත පැමිණ අභයදානය පැතුවේ නම් ඔහු-අල්ලාහ් ගේ වේදය කන් දීම පිණිස-ඔහුට
අභයදානය ලබා දෙන්න. පසුව ඔහුගේ ආරක්ෂිත ස්ථානයට ඔහුව කැටුව යන්න.”[1][21]
[1]
ඉහත සඳහන් වාක්‍යයන් සියල්ල
මුස්ලිම්වරු මදීනා නගරයේ බලය ලැබුවායින් පසුව පහළ වූ ඒවාය. එහෙයින් ස්ථානය හා කාලය
වෙනස් වීමට අනුව වැකියන්හි පිළිවෙත් වල සාහසික
බවක් තිබෙනා බව බහුතර නූතන මතවාදීන්ගේ වාදය මෙමගින් බිඳ වැටෙන්නේය. සියලුම වැකියන්
මක්කම නගරයෙන් ඇරඹීමෙන් අනතුරුව නිසියාකාරව විහිදුණු ක්ෂේත්‍රයක සිට ඉපදෙන්නේය. එහි
බලයේ ශක්තියෙහි සුවඳ විහිදුනේ නැත. එහි ආයුධමය සංස්කෘතිය දකින්නට නොමැත. සමහරු
සිතන පරිදි එහි ලේ වැගිරෙන තත්ත්වයක් දකින්නටද නොහැකි වන්නේය. මක්කි වැකියන්හි
යොදන ලද මූලධර්මයේම මදීනා වැකියන්ද ගමන් කරනු ඇත. ඉස්ලාමය සමාදානයට සුදුසු සමහර
කාල වාතාවරණවල සමාදානය අවධාරණය කළේය. යුද්ධය අවශ්‍ය වූ අසාමාන්‍ය වාතාවරණයකදී එය
සිදු කරන ලෙස පැවසුවේය.[22]
යනුවෙන් හුවෛදී පවසන්නේය.
එහෙයින්, මෙම කුරෙයිෂ්වරුන්ගේ
හෝ යුදෙව්වරුන්ගේ විලාසය අනුගමනය කරන කවරෙකු සම්බන්ධව වුවද ඉස්ලාමය මෙම ස්ථාවරයම
ගන්නේය. අල්කුර්ආනය මගින් මෙවැනි වූ වැකියන් පහළ වූයේ ඔවුන් ඉස්ලාමය නොපිළිගත්තා
යන කාරණාව මත නොව, ඔවුන් ඉස්ලාමයේ ආරම්භ කාලයේ මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් වැදී, ඔවුන්හට
එරෙහිව ප්‍රථමයෙන්ම සීමාව ඉක්ම වීම යන හේතූන් මතය. ඔවුන් අරාබි ආදේශ කරුවන්, පර්සියවේ
හෝ මදීනාවේ විසු යුදෙව් ගෝත්‍රිකයන්, ගස්සානියන්වරුන් හා පෛසාන්දියාහී ක්‍රිනස්තානියන් වුවද ඔවුන් සම්බන්ධනේ ස්ථාවරය වන්නේ ද මෙයමය.[7][23]
යනුවෙන් ජමාල් බදවි පවසන්නේය.
නමුත් ආදේශ කරුවන් හට එරෙහිව
මුළුමනින්ම වූ සටනක් දියත් කිරීමට පවසන අල්කුර්ආන් වැකියන්ගෙන් සඳහන් වන්නේ අරාබි
වරුන් අතර ජීවත් වූ ආදේශ කරුවන්ගෙන් එක් පාර්ශවයක් පිළිබඳ පමණකි. මෙම වැකියන් සියලුම
ආදේශ කරුවන්හට එරෙහිව ප්‍රකාශ කිරීම් ‘ආගමේ බලහත්කාරයක්’ නොමැත යන නියමයට විරුද්ධය. හේතුව
අරාබි කරයේ විසූ ආදේශ කරුවන්ගේ එක්
පාර්ශවයක් පමණි. ඔවුහු මුස්ලිම් වරුන් වෙත සීමාව ඉක්මවා, හුදයිබියා ගිවිසුම
කඩාකප්පල් කර, මක්කා විජයග්‍රහණයට පසු අරාබි ගෝත්‍රිකයන්ව මුස්ලිම් වරුන්ට එරෙහිව
උසි ගැන්වූහ. එහෙයින් අසරණයන්ව මරා දමා ගොඩගසා, කලහකර, අල්ලාහ් ගේ ආගමට ජනයා එකතු
වීමට බාධා කිරීම හේතු කොට ගෙන ඔවුන්ට එරෙහිව මෙවැනි ක්‍රියාවක් ගැනීමට සිදුවිය. අල්කුර්ආන් 2:190-194 හි සඳහන් යුද්ධයක් දියත්
කිරීම පිළිබඳව ආරම්භක වැකියන් හි සිට මෙම වැකියන් යුද්ධය සඳහා වූ සාධාරණත්වය ගැන
පවසනවා මිස බකරාවෙහි තිබෙන අදාළ වැකියන් අහෝසි කළේ නැත.[1][24]
[1]
- කරදර කිරීම
නවත්වා ගිවිසුම ආරක්ෂා කිරීම
එමෙන්ම සතුරන් සීමාව ඉක්මවීම
නවත්වා, මුස්ලිම්වරුන් සමග එකඟත්වයෙන් යුතුව ජීවත් වන්නට ප්‍රිය කරනා සෑම මොහොතකම එය පිළිගැනීමට මුස්ලිම් සමාජය සූදානමෙන් සිටී. සතුරුකම
සදාතනික නොවේ. ඊයේ දින හතුරා අද දින මිතුරෙක් විය හැක. මෙවැනි අදහස්, යුද්ධය සම්බන්ධව සඳහන් තද වචන වලින් යුත්
වැකියන්ට අසළින් ඕනෑ තරම් දැකිය හැක. පහත සඳහන් වැකියන් එයට කදිම උදාහරණයන්ය.
(අ) “ඔබලාට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන්නන්ට එරෙහිව
සටන් කරන්න. සීමාව නොඉක්මවන්න. අල්ලාහ් සීමාවන් ඉක්මවන්නන්ට ස්නේහ නොකරනු ඇත. ඔවුන්ව
දුටු තැන මරා දමන්න. ඔබලාව ඔවුන් කොතැනින් පිටමන් කළෝද ඔබලාද එතැනින් ඔවුන්ව
පිටමන් කරන්න. ෆිත්නා (කලබල)[8][25]
ඇතිකරවීම ඝාතනය කිරීමට වඩා භයානකය. ‘මස්ජිදුල් හරම්’ අසල ඔවුන් ඔබ සමග යුද්ධය ප්‍රකාශ කරන තෙක් ඔබද ඔවුන්
සමග සටන් නොකරන්න. එහෙත් (එහි) ඔවුන් ඔබ
සමග සටන් වදින්නේ නම් ඔබද (නොබියව) ඔවුන් හා සටන් වදින්න. නමුත් ඔවුන් (සටන්
කිරීමෙන්) වැළකී සිටියේ නම් නිශ්චිත වශයෙන්ම අල්ලාහ් ක්ෂ්මාව දෙන්නෙකුද කරුණාව ලබා
දෙන්නෙකුද වන්නාහ.”[1][26]
[1]
මෙය නබි(සල්)තුමාණන් මදීනා
නගරයට පැමිණීමෙන් පසු යුද්ධය පිළිබඳ ප්‍රථමයෙන්ම පහළ වූ වැකියයි.[1][27]
[1]
මෙම වාක්‍ය වල අතර මැද
සතුරන්ව දුටු තැන මරා දමන්නැයි ප්‍රකාශ කර තිබුණද යුද ධර්මය හා ආචාර්ය විධි ද සටන් කරන අවස්ථාවේදී ඉටු කරන ලෙස එම වාක්‍යයන් එකතුවේ දී අල්ලාහ් විසින් අණ කරති. එයින් කරුණු
පහක් සනාථ වේ.
- සන්නද්ධව සටනට පැමිණෙන අය
සමග පමණක් සටන් කළ යුතුය.
- ඔවුන් සීමාව ඉක්මවන කල්හි
පමණක් මුස්ලිම් සේනාවටද සීමාව ඉක්මවීමට අවසර ලැබෙනු ඇත.
- ඔවුන් ව පිටමන් කළ යුත්තේ ඔවුන් විසින් මුස්ලිම් වරුන්ව
පිටමන් කල ස්ථානයේ සිටය.
- ඔවුන් මක්කා නගරයේ ශුද්ධවූ
පල්ලිය පිහිටා ඇති ප්‍රදේශයේ සිට මුස්ලිම් වරුන්ට පහර දුනහොත් මිස, එම ප්‍රදේශයේ
දී මුස්ලිම් වරුන් පහර දීම ආරම්භ නොකළ යුතුය.
- ඔවුන් විරෝධය පෑම හා යුද්ධය
වළක්වාලීමට කැමැත්තේ නම්, ඔවුන් සමග සටන් නොවැදිය යුතුය යන ඉතාමත් අගනා ආචාර විධි
මෙම වැකිය තුළ ඇත.
(ආ) අල්කුර්ආන් 9 වැනි පරිච්ඡේදය වන සූරා තව්බාහි සඳහන් වන ශ්‍රේෂ්ඨ
මාසයන් ගෙවී ගියේ නම් ආදේශ කරන්නන් දුටු තැන කපා දමන්න, ඔවුන් සිරභාරයට ගන්න… අල්ලාහ්
ඉමහත් සේ ක්ෂමා කරන්නාද දයාවෙන් යුක්තාද වන්නාහ[9][28] යනුවෙන් කියැවේ. මෙම ‘ආයතුස්
සයිෆ්’ සූරා තව්බාහි පස්වන වැකිය මගින් මීට පෙර පහළ වූ අන්‍යාගමිකයන් සඳහා ඉවසිලිවත්
වීම, ඉතා අලංකාර ලෙස හැසිරීම සහ ආගමික නිදහස ලබා දීම යන දෑ අඩංගු සෑම වැකියක්ම මෙමගින්
අවලංගු කරන ලදී යනුවෙන් ඇතැමුන් පැවසුවද මෙම වැකිය අරාබි රටවල්වල සිට නබි(සල්)
තුමාණන්ට කරදර කළවුන් හට පමණක් සඳහන් කරන්නේ යැයි නූතන කාලයේ විද්වතුන් වන අල්ගස්සාලි,[10][29]
අබු සුලයිමාන්,[11][30]
අබ්දුල් වහාබ් කල්ලාෆ්,[12][31]
ජමාල් බදවි[13][32]
වැන්නන් පවසති.
මෙහි ‘ආදේශ කරන්නන් සහ පිටු දකින්නන්’ යන වචන භාවිතා කර ඇත්තේ, එකල
ජීවත් වූ අරාබි ආදේශ කරුවන් ගැන පමණක් හැඳින්වීමට වන අතර ඒ හැර වේදය ලබා දුන් අයවද,
අරාබි නොවන ආදේශ කරන්නන් ගැන ද මෙහි සඳහන් වන්නේ නැත. මොවුන්ට විරුද්ධව යුද්ධය
දියත් කර, ඔවුන් ‘ජිස්යා’
ගෙවීමට ඉදිරිපත් වූයේ නම් ඔවුන්ට එරෙහිව කිසිම යුධමය කටයුත්තක් නොකළ යුතුය. නමුත්
අරාබි ආදේශ කරුවන් ඉස්ලාමය වැළඳ ගත යුතුය. නැතහොත් ඔවුන් ඝාතනය කළ යුතුය යන්න
අල්ලාහ්ගේ අදහස වේ. ඔවුන්හට ප්‍රචාරය කර ඔවුන් ඉස්ලාමයට පැමිණීම තුළින් කුමක් හෝ
යහපතක් සිදුවේ යැයි බලාපොරොත්තු වුවා නම් ඔවුන්ද ‘දිම්මිවරුන්’ ලෙස පිළිගෙන ජිස්යා
(දඬුවම් ගාස්තුව) ඔවුන්ගෙන් ලබා ගනු ඇත. නමුත් ඔවුන්ගේ කුරිරු කම් නැවැත්විය යුතුය
යනුවෙන්ද‚ ඔවුන්ගේ සීමාව ඉක්මවීම තදින්
තිබුණු හෙයින්ද ඔවුන්ගේ කුරිරුකම් නවත්වාලීමට මෙම නීතිය සම්පාදනය කළා යැයි කල්ලාෆ්
පවසන්නේය.[1][33]
[1]
එමෙන්ම සතුරන්ට එරෙහිව දැඩි
ආයුධමය යුද මෙහෙයුමක් දියත් කළ යුතුය යන අදහස හුවා දක්වන ‘සූරා තව්බා’වෙහි සංහිඳියාව පිළිබඳව ද නොයෙකුත්
වාක්‍යයන් අන්තර්ගතව ඇති බව අමතක නොකළ යුතුය. ඒවා පහත සදහන් අයුරින් ලැයිස්තු ගත
කළ හැක.
- මාස හතරක් ඔවුන්ට එහි
ආරක්ෂිතව ජීවත් විය හැක. ඔවුන් කැමති නම් ඒ අතර ඉස්ලාමීය සීමාව අතහැර පිටතට යා
හැකිය. “ඔබලාට මාස හතරක් පොළොවේ නිදහසේ ඇවිදිය හැක.” (2 වන වැකිය)
- නැතහොත් ඔවුන්ට පාප ක්‍රියාවන්ගෙන්
ඈත් වී ඉස්ලාමය වැළඳ ගත හැක. “ඔබලා (අල්ලාහ් ගේ විශ්වාසය වෙත හැරී) ක්‍ෂමාව
අයදින්නේ නම් එය යහපත්ය.” (3 වන වැකිය)
- “ඔවුන් සමාව අයැද හැරී, පැමිණ
සලාතය ස්ථාපිත කර සකාතයද ලබා දෙන්නේ නම් ඔවුන් දහමෙහි ඔබලාගේ සහෝදරයන් වන්නෝය.” (11 වැනි වැකිය)
- මුස්ලිම් වරුන් සමග
සතුරන් ඇති කරගත් ගිව්සුම් වල කොන්දේසි එම සතුරන් විසින් සම්පූර්ණයෙන්ම රැක
ගනිමින් මුස්ලිම් වරුන්ට විරුද්ධව වෙන කිසිවෙකුට වත් උදව් නොකරන තාක්කල් ඔවුන්ට විරුද්ධව යුද්ධය දියත් නොකළ යුතුය. එම
ගිවිසුමේ කාල අවකාශය අවසන් වන තුරු එය රැක ගත යුතුය. එයයි දේව බිය ඇත්තන්ගේ
ගුණාංගය වනුයේ. “ඔවුන් සමග වූ ඔබලාගේ ගිවිසුම් සම්පූර්ණ කර ගන්න.” (4 වන වැකිය)
- සතුරන්ගෙන් කවරෙකු හෝ යුදමය
අවස්ථාවක වුවද අභයදානය සොයා පැමිණියේ නම් අභය දානය ලබා දීම මුස්ලිම් සේනාවේ වගකීමක්
වනු ඇත. ඔහු තමාගේ කණ්ඩායම් වෙත නැවත යෑමට කැමති වූයේ නම් ඔහුව ආරක්ෂිත ස්ථානයක්
කරා කිසිදු ආපදාවකින් තොරව රැගෙන යෑමද මුස්ලිම් සේනාවේ වගකීමකි. “ආදේශ කරන්නන්ගෙන්
කවරෙකු හෝ අභයදානය ලබා දෙන ලෙස ඉල්ලු විට, –
ඔහු අල්ලාහ් ගේ වාක්‍යයන් වලට සවන්
දිය හැක යන්නට- යටත්ව අභය දානය ලබා දෙන්න. පසුව ඔහුව ආරක්ෂිත ස්ථානයකට කැටුව යන්න. (6 වන වැකිය)
මේ අයුරින් සමහර වරප්‍රසාද, සංහිඳියා
ක්‍රමයන් සහ ඉඩ සලසා දීම වැනි දේවල් සූරා තව්බාහි සඳහන්වේ.
- ඉස්ලාමය පවසන යුද්ධමය ධර්මයන්
ඉහත සඳහන් පොදු අංගයන් හැර
විශේෂිත වූ යුධමය සදාචාරයන්, ඉස්ලාමීය යුධමය ක්‍රියා දාමයෙහි පිළිපදිනා ලෙස
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විසින් අණ කර ඇත. යහමග ගමන් ගත් කලීෆාවරුන් (රාජ්‍ය නායකයන්)සේනාවන් පිටත් කර හැරීමේදී මෙම උපදෙස්
පිළිපැද්දෝය. ඉස්ලාම් ධර්මය තුළ ගැබ් වී තිබෙන මනුෂ්‍යත්වය, අරමුණ, විශ්වාසනීයභාවය,
ස්වාධීනත්වය සහ ආගමික ඉවසීලිමත්භාවයට ඉහත සඳහන් කරුණු අගනා උදාහරණයන් වනු ඇත.
පොදුවේ යුද්ධයක් සිදුවන අවස්ථාවන්හිදී සතුරන්ව දිගට හරහට කපා
කොටා මරා දැමීමද, සතුරාගේ දේශයේ වූ යුද්ධයට සම්බන්ධ නොවූ උදවිය පවා මරා දැමීමද, ඔවුන්ගේ
ගෙවල් දොරවල් හා ඉඩකඩම් විනාශ කර දැමීම ද ලොවේ සිරිතක් බවට පත්ව ඇත. නමුත් මෙය
ඉස්ලාමීය යුද්ධ සදාචාරයට පටහැනිය.
අල්කුර්ආනය මෙවැනි තනි
පුද්ගලයන් හා සේනාවන් ට පහත දක්වන අයුරින් අවවාද කරති:-
(අ) “(මිනිසුන්ගෙන් සමහරෙකුට) පොළොවේ බලය ලැබුණේ
නම්, පොළොවේ කලබල ඇති කිරීමටද අස්වනු හා මතු පරම්පරාව වනසා දැමීමටද ඔවුහු උත්සාහ
දරති. අල්ලාහ් කලහකම ප්‍රිය නොකරති”[1][34]
[1]
(ආ) පාලකයන් පිළිබඳ බල්කිස් නම්
රැජිනක් සඳහන් කරන ලද අදහස අල්කුර්ආන්හි :
“රජවරු කිනම් හෝ නගරයකට ඇතුළු වුවහොත් ඔවුන් එය විනාශ කර දමති. එහි වෙසෙනා ගෞරවණීය
අය නින්දිතයින් බවට පත් කරති. ඔවුන්ද එලෙසම කටයුතු කරති යැයි ඈ පැවසුවාය.”[14][35] යනුවෙන් අල්ලාහ් පවසති.
එහෙයින්, අල්කුර්ආන්හි මෙවන්
අධමකම් පිළිබඳ ඉතා දැඩි ලෙස හෙලා දකී. එමෙන්ම, යුධමය සීමාව සිවිල් සීමාවට
විස්ථාපනය කිරීම නබි (සල්) තුමාණන් තහනම්
කර ඇත.
“අල්ලාහ්ගේ මගෙහි, ඔබලාට විරුද්ධව
සටන් වදින්නන්ට එරෙහිව සටන් කරන්න. සීමාව නොඉක්මවන්න. නිශ්චිත වශයෙන්ම අල්ලාහ්
සීමාව ඉක්ම වන්නන්ව සෙනෙහෙ දක්වන්නේ නැත.”[15][36] යන්න අල්ලාහ් ගේ කීමකි. මෙම
වැකිය විස්තර කරන ඉමාම් ඉබ්නු කතීර්[16][37]
පහත සඳහන් නබි වදන් එයට ආධාරකයක් ලෙස ගන්නේය.
01.“අල්ලාහ් ගේ මගෙහි සටන්
වදින්න! අල්ලහ් ව ප්‍රතික්ෂේප කළවුන්ට එරෙහිව සටන් කරන්න. යුද්ධ කරන්න. සීමාව
ඉක්මවීමට ඉඩ නොහරින්න. නොරවටන්න. මෘත ශරීරයන් නොකෙළසන්න. පුංචි ළමුන් සහ කිතුනු දේවාලයන්හි
සිටින්නවුන්ව ඝාතනය නොකරන්න.”[17][38]
නබි(සල්) තුමාණන් විසින් සේනාව පිටත් කර යැවීමට මත්තෙන් එලෙස උපදෙස් ලබා දෙන ලෙස
අබ්බාස්(රළි)තුමා හට දැනුම් දෙන ලදී.
02.නබි(සල්)තුමාණන් සහභාගී වූ
යුද්ධයකදී කාන්තාවක් මරා දමනු ලැබූ සැටි දුටු එතුමාණන් කාන්තාවන් හා කුඩා ළමුන් ව
ඝාතනය කිරීම හෙළා දුටුවෝය.[1][39]
[1]
- කයිබර් යුද සමයේදි (ක්‍රි.ව. 627) යුදෙව් වරුන්ගේ වේදය වන තෞරාත් (Torah) හි පිටපත් කිහිපයක්ම මුස්ලිම්
වරු සොයා ගත්හ. පසුව යුදෙව් වරු ඒවා සොයා පැමිණි විට ඔවුන් වෙත ඒවා ලබා දෙන්නැයි නබි(සල්) තුමාණන් පැවසූහ. උහද් යුද්ධයෙන් පසු නබි(සල්) තුමා,
බනු නළීර් ගෝත්‍රික යුදෙව්වන් මදීනා නගරයෙන් පිටමන් කිරීමේදී ඔවුන්ට තමන්ගේ වේදයෙහි
පිටපත් රැගෙන යාමට ද අවසරය ලබා දුන්නෝය.[1][40]
[1]
තවද, යහ මග ගිය කලීෆා වරුන්, තමන්ගේ
සේනාවන් යුද්ධය සඳහා පිටත් කර යැවීමේදී
පහත සඳහන් අයුරින් උපදෙස් ලබා දී තිබුණි:
- ද්‍රෝහිකම් හෝ කපටිකම් හෝ නොකරන්න.
- රවට්ටන්න හෝ (සතුරන්ගේ) මෘත ශරීර කෙළසන්න හෝ එපා.
- කුඩා දරුවන් ඝාතනය නොකරන්න.
- වයෝවෘධයින් හා ස්ත්‍රීන් ඝාතනය නොකරන්න.
- රට ඉඳි ගස් කැපීමෙන් හෝ පුළුස්සා දැමීමෙන් වළකින්න. ඵල දෙන ගස් කැපීමෙන්
වළකින්න.
- කෑමට මිස එළුවන් හෝ ඔටුවන් නිකරුණේ නොමරන්න.
- ඔබලාගේ ගමනේදී ක්‍රිස්තියානි පල්ලි වල දිගටම නවාතැන් ගෙන යාඥාවේ යෙදෙන අය (ක්‍රිස්තියානි
යුදෙව් තපස් වරුන්ව) ඔබලාට දැක ගත හැකිය. ඔවුන්ට
නිදැල්ලේ සිටින්න ඉඩ හරින්න. ඔවුන්ගේ ආගමික වතාවන් වලටද බාධා නොකරන්න.
- විවිධ කෑම බීම රැගෙන එන පිරිස් ඔබලාට මුණ ගැසිය හැක. ඒවා ඔබලා අනුභව කරන්නේ
නම්, අල්ලාහ්ගේ නාමය පවසා අනුභව කරන්න.[1][41]
[1]
ඉස්ලාමිය යුද්ධ ආචාර ධර්මයන්හි
මූලධර්මයන් පිළිබඳව (අල්කුර්ආන්, අල්හදීස් සහ යහමග ගිය කලීෆා වරුන්ගේ ක්‍රියා වලිය
මගින්) මෙලෙස දැන ගත හැකි වන්නේය. පසුව පැමිණි ශ්‍රේෂ්ඨ ආදර්ශවත් සේනාධිපති වරුන්ද
මේවා ක්‍රියාත්මක කළහ.
ක්‍රිස්තියානි කුරුසි භටයන්
කුද්ස් තුළ ඇතුළු වූ අවස්ථාවේදී ඉතා පහළ මට්ටමේ ක්‍රියාවන්හි යෙදුනෝය. මුස්ලිම්
වරුන්ගෙන් බෙලහීනව සිටියවුන් ද ස්ත්‍රීන් ද කුඩා ළමුන් ද සහිත අති විශාල ප්‍රමාණයක්
එහි ශුද්ධත්වය තමන්ව ආරක්ෂා කරාවි යන විශ්වාසයෙන් යුතුව එයට ඇතුළු වූහ. නමුත්, ඉස්ලාමය
හා මුස්ලිම් වරුන් කෙරෙහි ද්වේශයෙන් පෙළෙන කුරුසි සෙබළුන් විසින් නිරායුධව සිටි
මෙම අසරණයන් ව තමන්ගේ ආයුධ වලින් කපා කොටා මරා ගොඩ ගසන ලදී.
මෙය ක්‍රිස්තියානි දහමෙහි වරදක් නොව එම දහම වරදවා තේරුම් ගත් තම දේශපාලන ආර්ථික අභිලාෂයන් ඉටු කර ගැනීමට භාවිත කළවුන්ගේ වරදක් යන්න පැහැදිළි වේ. එමෙන්ම ලෝකයේ මුස්ලිම් සටන්කාමීන් ලෙස පෙනී සිටින ඇතැම් කල්ලි කණ්ඩායම් දැක එසේ ඉස්ලාම් දහමද තක්සේරු කිරීම වැරදිය.
ජමාල් බදවී මෙසේ පවසයි:
“Christianity
is not what Christians did, and Christians are not attributed to Christianity.
All that a Muslim does is to adhere to Islam. What is happening in the case of ‘ISIS’
and the slaughter of innocent people is in fact a smashing of the image of
Islam in the West, which has been improving for some time. The tolerance of
Islam is historical and when it practices ‘advocating’ this kind of aggressive
and heinous behavior against religious minorities in the region” [1][42]
[1]
“ක්‍රිස්තියානි
ධර්මය කිතුණුවන් විසින් කළ දෙයක් නොවේ. ක්‍රිස්තියානීන්ගේ ක්‍රියාවන් ක්‍රස්තියානි
ධර්මයට සම්බන්ධ නැත.
සෑමමුස්ලිම්වරයෙකුගේම
ක්‍රියාවන් ඉස්ලාමය අනුමත දෙයක් ලෙස දැකීමේ ප්‍රවනතාවක් ඇත. ISIS සහ
අහිංසක ජනතාව ඝාතනය කිරීමෙන් සිදුවන්නේ කුමක් ද? එයින්
සිදුවන්නේ කිසියම් කාලයක් තිස්සේ බටහිර රටවල වැඩිදියුණු වී ඇති‚ ඉස්ලාමීය
ප්‍රතිරූපය බිඳ දැමීමකි. ඉස්ලාම්වරුන්ගේ ඉවසීම ඓතිහාසික වන අතර මෙම
සංවිධානය කලාපයේ
ආගමික සුළුතරයන්ට එරෙහිව කලහකාරී හා සාහසික ලෙස හැසිරීම ඉස්ලාමය පිළිබඳව තිබු
සුබවාදිත්වය බිඳ දැමීමක් බවට පත් වී ඉස්ලාමය පිළිබඳ අනිසි බියක් ඇති කිරීමට හේතු
විය හැක.”
බොස්නියා හර්සගෝවිනා ප්‍රදේශයට 1996 වර්ෂයේදී ගිය ආචාර්ය දසූකි තමන් දෑසින් දුටු දෑ හා තම
කනට ඇසුනු දේවල් ගැන මහත් සිත් තැවුලෙන් විස්තර කරන්නේය. සර්බියර්වරුන්ද කුරෛෂිවරුන්ද
එම ප්‍රදේශයේ ස්ත්‍රීන් දූෂණය කර, පොදු ජනතාව කණ්ඩායම් වශයෙන් ඝාතනය කර තිබුණි. මුස්ලිම්
වරුන් 70 දෙනෙක් ඇඳිවත පිටින්ම මඩ වලකට
තල්ලුකර දමා මරුමුවට පත් කර තිබුණි. ඔවුන්ගේ ශරීර පිටතට ගන්නා දර්ශනය මනසට මහත් වූ
වේදනාවක් ගෙන දුන්නේ යැයි එතුමා පවසන්නේය. නමුත්, බොස්නියා මුස්ලිම් වරුන් තමන්ගේ
මෙම කුරිරු සතුරන්ව ජය ගැනීමෙන් අනතුරුව මෙවැනි අපරාධයන් කිසිවක් සිදු වී නැත.
ඉස්ලාමීය නීතිය පිළබඳ විශාල ලෙස ඔවුන් හට අවබෝධයක් නොමැති වුවද ඔවුහු මෙලෙස
හැසිරුනාහ. මෙයට පෙර සර්බියර් වරුන්ද කුරෛෂි වරුන්ද ආක්‍රමණය කළ ප්‍රදේශ වලට
මුස්ලිම් සේනාව ඇතුළු වූ විට, එම සතුරන් තමන්ගේ ජාතියට අයත් වයෝවෘද්ධයන් එම ප්‍රදේශයේම
තබා දිව ගියහ. මුස්ලිම් සේනාව මොවුන්හට කිසිදු හානියක් නොකරන්නේය යන විශ්වාසයෙන්
ඔවුහු එසේ කළෝය. නමුත් සතුරු සේනාව මුස්ලිම් සේනාව පිළිබඳ තොරතුරු දැන ගැනීම පිණිස
ඔත්තු සැපයීමට වූ උපකරණ එම වයෝවෘද්ධයන්ට ලබා දී තිබුණි. මුස්ලිම්වරු මේ පිළිබඳව
දැන ගැනීමෙන් පසු එම මහල්ලන්ට කිසිදු හානියක් නොකර එම උපකරණ ටික තමන් භාරයට ගන්නා
ලදැයි දසූකි පවසන්නේය.[1][43]
[1]
මුස්ලිම්වරුන් සතුව තිබුණු ස්පාඤ්ඤය
ක්‍රිස්තියානුවන් විසින් අත්පත් කර ගන්නා විට සිදු කරන ලද අපරාධයන් ගැන නිකල්සන්
මෙසේ පවසන්නේය: ‘ක්‍රි.ව. 1492 දී යුරෝපිය අරාබි වරුන්ගේ අවසන් බල කොටුවද ෆර්ඩිනන්ට්
ද ඉස්බෙලා හමුවේ පරාජයට පත් විය. ජයග්‍රාහකයන්
ම්ලේච්ඡ කමින් ආගමික ද්වේශය සහිතව ඉහා පහත් ලෙස හැසිරුණෝය. මුස්ලිම්
වරුන්ගේ ආගම, ඔවුන්ගේ දේපළ යනාදියට ගෞරව
කළ යුතුය යන තමන්ගේ ශුද්ධ වූ වගකීම ඔවුහු ඉක්ම වූහ. ඉස්ලාමිය රජයේ ස්පාඤ්ඤ ක්‍රිස්තියානුවන්
අත් විඳපු ඉවසිලිවන්තකමට සහ පරිත්‍යාගශීලීත්වයට මුළුමනින්ම වෙනස් වූ ක්‍රියාකලාපයක්
බවට පත් වුයේය. ක්‍රිස්තියානුවන් ලෙස මාරුවීම හෝ රට හැර යෑම යන දෙකෙන් එකක් තෝරා
ගැනීමට ඔවුන්ට බල කරන ලදී. ඇතැමුන් රට දමා යන්නට තීරණය කළෝය. දිගටම රටේ සිටියවුන්
ඉතා දැඩි ලෙස වද විඳින්නට වූහ. ක්‍රි. ව. 1609 හී තුන් වන පිලිප්ගේ නියෝගයට
අනුව මුස්ලිම් වරු ස්පාඤ්ඤ භූමියෙන් පන්නා දමනතෙක්ම තත්ත්වය මෙලෙසම පැවතුනේය.[1][44]
[1]
නමුත් කුරුස යුද්ධ වලට සහභාගී
වූ සලාහුදීන් අය්යූබී, තමාගේ පරම සතුරා වන කුරුසි යුද්ධයේ මහා සේනාධිපතියෙකු වූ
රිචඩ් අසනීප තත්ත්වයක පත්ව සිටිනා අවස්ථාවේදී
තමාගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ඔහු වෙත යැව්වා පමණක් නොව පළතුරු කූඩයක් ද යවන ලදැයි
ඉතිහාසය පවසයි.[1][45]
[1]
වර්තමානයේදී පවා සාධාරණ
පුරවැසියන් වන මුස්ලිම් වරුන්ට එරෙහිව සැලසුම් කරන ලද ඝාතන හා ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් සිදු වෙමින්
පවතී. ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පලස්තීනය, ඉරාකය, චෙච්නියාව හා මියන්මාරය වැනි දේශයන් වල සිදුවන
දේවල් මේ සඳහා කදිම උදාහරණයන් ය.
ISIS, බුකෝහරාම් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී
සංවිධානවල ක්‍රියාකාරකම් ඉස්ලාමයේ කිසිසේත්ම අනුමත නොකරයි.
ඉස්ලාමීය අධ්‍යයනය සඳහා වූ
ඔස්ට්‍රේලියානු ජාතික මධ්‍යස්ථානය මුස්ලිම්වරුන්ට විශේෂයෙන් තේරුම් ගැනීමට උපකාර
කිරීම පිණිස සකස් කරන ලද ගැඹුරු පර්යේෂණයෙහි මෙසේ සඳහන් වේ:
“සාම්ප්‍රදායික ඉස්ලාමීය
විශ්වාසයන් සහ සාරධර්ම වලට බරපතල තර්ජනයක් ISIS විසින් සිදු කරයි. ඉස්ලාම් ආගමික ග්‍රන්ථ වැරදි ලෙස
වටහා ගැනීමෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්,
මිනීමැරුම්, කප්පම් ගැනීම්, නොහික්මුණු ප්‍රචණ්ඩත්වය මෙන්ම කාන්තාවන් හා ළමුන්
අපයෝජනය කිරීම සඳහා වඩාත් විනිවිද පෙනෙන මාර්ගයක් ලෙස යොදා ගනිති. එය ලොව පුරා
සිටින මිලියන ගණනක් වූ මුස්ලිම් ජනයාගේ ජීවිත වල යහ පැවැත්මට සහ ආගමට හානිදායක වී
ඇත.”[1][46]
[1]
ඔවුන්ගේ පිටුපසින් ඉස්ලාම්
විරෝධී බලවේගයන් පවතින බවත් ඔවුන්ට අවශ්‍ය පුහුණුව හා ආයුධ සපයන බවත් එමගින් ඔවුන්
පොළඹවන බවත් විවිධ කතාබහට ලක් වී ඇත. ඉස්ලාම් භීතිකාවක් ලොවෙහි බිහි කිරීමටත්
ඉස්ලාමයට මඩ ගැසීමටත් මෙම බලවේගයන් මොවුන් විසින් ඉත්තන් ලෙස භාවිතා කරති.
නොවැළැක්විය හැකි තත්ත්වයක වුවද
ඉස්ලාමිය යුධ ආචාරධර්ම සීමාවන් තුළ සිට පමණක් සටන ගෙන යා යුතුය යනුවෙන් ඉස්ලාමය
තදින්ම අණ කරන්නේය.
මේ පිළබඳව දිගටම ලියන දසූකි
ඉස්ලාමය ස්ත්‍රීන්, කුඩා ළමුන්, කම්කරුවන්, මානසික රෝගීන්, රෝගීන්, වයෝවෘද්ධයන්,
ජනයා හා මිශ්‍ර නොවී ආශ්‍රමය තුළ තාපසයන් ලෙස ජීවත් වන්නවුන් ඝාතනය කිරීම තහනම් කර
ඇත. මක් නිසාද යත් ඔබලා සමග සටන් වදින්නන්ට එරෙහිව අල්ලාහ් ගේ මගෙහි සටන් වදින්න.’[18][47] යනුවෙන් අල්කුර්ආනයේ සඳහන් වේ.
නමුත් මොවුන්ගෙන් කවෙරෙකු හෝ යුද්ධය සිදු වන සමයේදී, අදහස් මගින් හෝ ක්‍රියාකාරකම්
මගින් හෝ සතුරන් සමග සහභාගී වුවා නම් ඔවුන්ද සටන්කාමින් ලෙස සලකනන්න. ඔවුන්ට
එරෙහිවද දැඩි පියවර ගත හැකිය.
විරුද්ධව සටන් කළ යුත්තේ සටනට
පැමිණෙන අය සමග පමණය යනුවෙන් ඉස්ලාමයේ මතය වී ඇති හෙයින් වර්තමානයේ ‘න්‍යෂ්ටික
ආයුධ’ යනුවෙන් සටන්කාමි කණ්ඩායම් විසින් නම් කර ඇති ආයුධ භාවිතා කිරීමට ඉස්ලාමයේ
අවසර නොමැත. මන්ද යත්, ඒවා සන්නද්ධ පිරිස් හා සිවිල් ජනතාව වෙන් කර නොබලන නිසාය. මුළුමනින්ම
විනාශය ගෙන දෙන ආයුධ‚ ජීව පරමාණු ආයුධ හා ප්‍රාණ
නසන විෂ වායු භාවිතා කළ නොහැක. මේවා සටන් අවශ්‍යතාවයන්ට එපිටින් වූ එකක් ලෙස
දසූකි පවසයි.[1][48]
[1]
ඉමාම් සව්ඛානි (හිජ්රි 1255)
ස්ත්‍රීන්‚ කුඩා ළමුන්, තාපසයන්, වයෝවෘද්ධයන්,
ඝාතනය නොකළ යුතුය[19][49]
යනුවෙන් පවසන නබි වදන ගැන විස්තර කිරීමේදී ස්ත්‍රීන්
හා කුඩා ළමුන් ඝාතනය නොකළ යුතුය යනුවෙන් ඔහු පවසයි. මාලික් සහ අව්සාඊ යන අයගේද
අදහස මෙයම වන්නේය. ඔවුන්ගේ අදහසට අනුව කුමන මොහොතක හෝ එය සිදු නොකළ යුතුය. සතුරන්,
ස්ත්‍රීන් හා කුඩා ළමුන්ව පලිහක් ලෙස භාවිතා කළද, නැතහොත් ඔවුන්ව එක් කොටුවක් තුළ
හෝ නැවක් තුළ හෝ තබා තමාට ආරක්ෂක වැටක් ලෙස භාවිතා කළද ඔවුන්ට පහර දීම හෝ ගිනි
තැබීම හෝ සපුරා තහනම් බව එතුමන්ලාගේ අදහස වෙති.[1][50]
[1]
එහෙයින්, යුද්ධයක් පවතින අතරතුරදී
මිනිස්කමෙන් යුතු දරා ගැනීම් සහිත න්‍යායයන් ඉස්ලාමයේ ක්‍රියා කරවන්නේය. ශාරීරික
ආබාධයකට ලක්වූ කොටස පමණක් ශල්‍ය කර්මයකට භාජනය කරනවාක් මෙන් සටනට පැමිණෙන අය පමණක්
ඉලක්ක කර ගත යුතුය.
- සිරකරුවන් පිළිබඳ මඟපෙන්වීම්
ඉස්ලාමිය යුද්ධ ධර්මයෙහි ඉතා
වැදගත් අංගයක් වනුයේ සිරකරුවන් පිළිබඳ මඟපෙන්වීම් හා ඔවුන් ව මෙහෙයවන ආකාරයයි. යුධ
සමයේදී මුස්ලිම් සෙබලුන් තමන් මරා දැමීමටද තම දේපළ කොල්ල කෑමටද පැමිණෙන සතුරු
සේනාවේ භටයා සිර කරුවෙකු ලෙස අත්පත් කර ගත්තේ නම් ඔහු සම්බන්ධයෙන් ඉතා විනීතව හා
කරුණාවෙන් යුතුව ක්‍රියා කරන්න යැයි ඉස්ලාමයේ අණ කර ඇත. කෙනෙකු හෝ කිහිප දෙනෙකු හෝ
පැමිණ තමාට නැවතීමට ස්ථානයක් හා ආරක්ෂාව
සලසා දෙන මෙන් ඉල්ලා සිටියේ නම් ඔවුන්ට සුදුසු ස්ථානයක් හා ආරක්ෂාව සපයන්නැයි අල්කුර්ආනයේ
කියා පාන්නේය.[1][51]
[1]
ඉමාම් අබූසහ්රා පහත දැක්වෙන අයුරින් ලියයි:
ඉස්ලාම්හි මිනිස් ගෞරවය සාමකාමී
පරිසරයේදී පමණක් නොව යුදමය වාතාවරණයේදී ද ආරක්ෂා කරන්නේය. එහෙයින් සිරකරුවන්ට
කරුණාව දැක්වීය. ඔවුන්ගේ මිනිස්කම විනාශ කළේ නැත. මුස්ලිම් වරුන් හැර සිරකරුවන්
වෙත කරුණාව දැක්වූ වෙන කිසිවෙකු ලෝක ඉතිහාසයේ දැක ගත නොහැකිය. එක් විශ්වාස වන්තයෙකු අල්ලාහ් වෙත සමීප වීමට කළ හැකි අති උසස්ම ක්‍රියාවන්ගෙන්
එකක් ද වන හා විශ්වාස වන්තයාගේ පෞද්ගලික
ගුණාංග වලින් එකක් ද වන ඔවුන් දුගීන්ට හා සිරකරුවන්ට ආහාර සැපයීම පිලිබඳවද අල්කුර්ආනය
සඳහන් වේ.
“ඔවුන් (තමා සතු ආහාරයට) ලැදි
කමක් දැක්වුවද දුගීන්ට ද, අනාථයන්ට ද, සිරකරුවන්ට ද ආහාර ලබා දෙන්නෝය.”[20][52]
යන්න මෙම වැකියෙන් කියැවේ. මෙහි සඳහන් ‘සිරකරුවා’ යන වචනය සම්බන්ධව අදහස් දක්වන ඉමාම් ඉබ්නු අබ්බාස්(රළි)
සිරකරුවන් ලෙස එදා සිටියේ ආදේශ කරුවන්ය යනුවෙන් පවසන්නේය. සිරකරුවන්ට කරුණාවෙන්
සලකන්න යනුවෙන් බද්ර් යුද්ධ සමයේදී මුහම්මද් නබි(සල්)තුමාණන් විසින් තම සගයන්ට විධානය
කරන ලදී. කෑම වෙලාවන්හිදී සගයන් තමන්ට වඩා තමන්ගේ සිරකරුවන්ට කෑම බෙදා දීමට
යුහුසුළු වූහ.[21][53] මුහම්මද් නබි(සල්) තුමාණන් ‘සිරකරුවන්
සමග යහතින් හැසිරෙන්න’
යැයි පැවසූහ.[1][54]
[1]
යුද්ධය දරුණු ලෙස සිදුවන
අවස්ථාවේදී මුස්ලිම් පාර්ශවයේ කිහිප දෙනෙකු මරුමුවට පත් වූහ. එසේ හෙයින් පළි ගත
යුතුය යන හැඟීම ඉස්මතු විය. මෙම කුරිරු පළි ගැනීමේ හැඟීම මග හැරීමට සිරකරුවන්ට
කරුණාවෙන් යුතුව සලකන්න යැයි ඉස්ලාමයේ අවධාරණය කර සිටී. බද්ර් සටනේ දී සිරකරුවන් ට
කරුණාවෙන් සලකන්න යැයි මුහම්මද් නබි(සල්) තුමාණන් පැවසීම හේතු කොට ගෙන සිරකරුවෝ
අමුත්තන් ලෙස කාලය ගෙවූහ. මෙම සිරකරුවන් ලැගුම් ගත් සමහර නිවෙස් වල, එම ගෙහිමියන්
තමන්ගේ දරුවන්ටත් වඩා හොඳින් මෙම සිරකරුවන් ව බලා ගත්තෝය.
ඒ අනුව මුස්ලිම් වරුන්ට දෙවර්ගයක
ජිහාද් වලට ඉදිරිපත් වීමට සිදුවිය. එකක් ආයුධමය ලෙස සිදුවූ එකකි. එය අවසන් වූ
වහාම අනෙක් ජිහාදය ආරම්භ විය. එනම්, ජයග්‍රගහණය කළ වුන් වෙත තමාගේ කෝපය සංසිදුවා
ගැනීම වළක්වාලීමට තමාගේ සිතට විරුද්ධව ක්‍රියාත්මක කරන ජිහාදයයි.
සතුරු සේනාවේ සිටින්නන්
සිරකරුවන් ලෙස අසු වුවහොත් නායකයාට තීරණයන් දෙකෙන් එකකට එළැඹිය හැකිය යනුවෙන්
කුර්ආනයේ සඳහන් ව ඇත. යම් අගයක් ලබා ගෙන ඔවුන්ව නිදහස් කිරීම නැතහොත් කිසිවක්
නොලබා හොඳ හිතින් නිදහස් කිරීම.[1][55]
[1]
යම් අගයක් ලබා ගැනීම ක්‍රම
දෙකකට කළ හැකිය. මුස්ලිම් සිරකරුවෙකු නිදහස් කිරීම වෙනුවට සතුරු පාර්ශවයේ
සිරකරුවෙකු නිදහස් කිරීම, නැතහොත් මුදලක් ලබා ගෙන නිදහස් කිරීම. සිරකරුවා දුප්පත්
කෙනෙකු නම් ඔහු නිදහස් වීම නිසා ඔහුගෙන් සමාජයට යහපතක් සිදුවන්නේ නම් ඔහුගෙන්
කිසිවක් නොගෙනම ඔහුව නිදහස් කළ හැකිය. එවිට එය ‘අලංකාර ඉවසීම’ යන වර්ගයට අයත් වන්නේය.
මුහම්මද් නබි(සල්)තුමාණන් වහල්
භාවයට අවසරය ලබා දුන්නේද නැත. එය තහනම් කළේද නැත. සතුරන් විසින්ද යුද්ධයේදී
සිරකරුවන් ලෙස පත් මුස්ලිම් වරුන්ට එම අයිතිය ලබා දෙන ලදී. මුස්ලිම් නොවන අය මුස්ලිම්
වරුන් ව සිරකරුවන් ලෙස ගන්නා පුරුද්ද අත් හරින්නේ නම් ඔවුන්වද සිරකරුවන් ලෙස
ගැනීමට මුස්ලිම් වරුන්ට අවසර නොමැත. එලෙස එක පාර්ශිකව මුස්ලිම්වරු අත් අඩංගුවට
ගන්නේ නම් එය සීමාව ඉක්මවූ කටයුත්තක් ලෙස ගැනේ. එය තහනම් කළ දෙයකි.[1][56]
[1]
ඉමාම්
ඉබ්නු කයියිම් (හිජ්රි 691-751) මෙසේ පවසන්නේය: මුහම්මද් නබි(සල්)තුමාණන් විසින් සමහර
සිරකරුවන්ව සමා කර නිදහස් කරන ලදී.ඇතැමුන්ට දඬුවම් පමුණු විය.තවත් සමහරුන්ගෙන්
අගයක් ලබා ගෙන නිදහස් කළහ. සමාජමය යහපත තකා සුදුසු තීරණ ගන්නා ලදී. බද්ර් යුද
සිරකරුවන් සඳහා අගයක් ලබා ගෙන නිදහස් කළහ. හුදයිබියා ගිවිසුම අත්සන් තබමින් සිටිනා
අවස්ථාවේදී නබි(සල්)තුමාණන්ව කුහකකමින්, ඝාතනය කිරීමට පැමිණි සන්නද්ධ 80 දෙනෙකු අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කර ඇත.[22][57]
බනු ගෝත්‍රික නායකයා සුමාමා අත්අඩංගුවට ගෙන මස්ජිදයේ බැඳ තබා ස්වල්ප වෙලාවකින්
නිදහස් කර හරින ලදී.[23][58] මුදල් නොමැති සමහර සිරකරුවන්
මදීනා අන්සාරිවරුන්ගේ දරුවන්ට ලිවීමට හා කියවීමට උගන්වා තමන්ව නිදහස් කරවා ගත්තෝය.[24][59] බනූ මුස්තලක් සටනේ සිර
කරුවෙකු වූ ජුවයිරියාව මුහම්මද් නබි(සල්)තුමාණන් වහල් අයිතිය ලියා දී විවාහ
කරගත්තා පමණක් නොව එම විවාහයට ගෞරව කිරීමක් වශයෙන් ජුවයිරියාගේ ගෝත්‍රය වන බනු
මුස්තලක් ගෝත්‍රයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සිරකරුවන්ව නිදහස් කරන ලදී.[1][60]
[1]
එහෙයින් කෙටියෙන් පවසනවානම් :
- අල්කුර්ආන් හි සඳහන්
කාෆිර්වරුන්ට එරෙහිව සන්නද්ධ වී සටන් කළ යුතුය යන වැකියන් මුස්ලිම් නොවන සියල්ලන්ට
පොදු වූ එකක් නොවේ.
- මුස්ලිම් වරුන්ව සහමුලින්ම
නැති කිරීමට සිතා, ගිවිසුම් වලට ගෞරවයක් නොදක්වා ඔවුන්ට එරෙහිව සන්නද්ධ වී සටනට
පැමිණෙන අය ගැන පමණක් මෙහිදී සඳහන් වී ඇත.
- සටන් කරන විට හා සටන්
අවසන් වීමෙන් පසුව ඉහළ තලයේ යුධ ආචාර ධර්මයන් හා මානුෂික පිළිවෙත් අනුගමනය කළ යුතු
බව මුස්ලිම් වරුන්ට ඉස්ලාමයේ නියෝග කරන්නේය. මෙය ‘තක්වා’ (අල්ලාහ්ට සහමුලින්ම අවනත වන)
අයගේ ගුණාංග වලින් එකක් ලෙසද කුර්ආනයේ විස්තර කරති.
- මුස්ලිම් නොවන කවරෙකු හෝ
මුස්ලිම් වරුන් සමග සුහද ඇසුරු කමක් තබා ගැනීමට කැමැති වී ඒ අනුව හැසිරෙන්නේ නම්
එවැන්නන් සමග සමාදානය, සහජීවනය රැකගැනීම හා ඔවුන්හට උදව් උපකාර කිරීම මුස්ලිම්
වරුන්ගේ අනිවාර්ය වගකීමකි.
සමාප්ති සටහන
ඉස්ලාමයේ සාමකාමී සහජීවනය සහ ආගමික සංහිඳියාව පිළිබඳ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධ
පැහැදිළි කිරීමක් ලබාදීමේ අරමුණෙන් ගත් වෑයමක්
ලෙස මෙම ග්‍රන්ථය නම් කළ හැක.
ඉස්ලාම් යනු ශාන්තිය, සමාදානය හා සහජීවනය
පදනම් කොට ගත් දහමකි. මේවා යථාර්ථයක් බවට පත් කිරීම එහි අරමුණය. එහි අනිවාර්ය කළ වගකීම් හා අදාළ දේශනාචන් ඉතා නිවැරදිව
හා සූක්‍ෂම ලෙස අවධානයට ගන්නේ නම් මෙය අවබෝධ
කරගත හැකිය.
නමුත් ඉස්ලාමය සාවද්‍ය ලෙස අවබෝධ කරගත් දහමකි. එය අන්තවාදයට හා ත්‍රස්තවාදයට
දිරිදෙන්නක් යන්න ඇතැමුන්ගේ මතය වෙයි. ඒ සඳහා හේතු වී ඇති කාරණා තුනක් පහතින් දක්වා ඇත්තෙමු.
- අල් කුර්ආන් හා සුන්නාවෙහි
සඳහන් යුද්ධය සම්බන්ධයෙන් වූ වාක්‍යයන් පිළිබඳව ඔවුන්ට තිබෙන අපැහැදිළිතාවය. - මුස්ලිම් සමාජය තුළ
ක්‍රියාත්මක ඇතැම් අන්තවාදී හා ත්‍රස්තවාදී කල්ලිවල ක්‍රියාකාරීත්වය අනුව ඉස්ලාමය තක්සේරු
කිරීම. - මුස්ලිම් වරුන් තමන්ගේ
දහම පිළිබඳ නිසි පැහැදිළි කිරීමක් සිය ජීවන රටාව මගින් සහ ජනමාධ්‍යයන් තුළින් ඉදිරිපත්
නොකිරීම.
ඒ අනුව මෙම කරුණු තුන සැලකිල්ලට ගෙන පහත සඳහන් අදහස් පිළිබඳව මෙම ග්‍රන්ථය තුලින්
විස්තර කර ඇත.
- ඉස්ලාමය සාමකාමී සහජීවනය සඳහා වූ ශක්තිමත් පදනමක් සහිත ආගමකි
- තම තමන්ගේ අනන්‍යතාවන් රැකගෙන එකිනෙකා සමග මිශ්‍ර වී ජීවත් වීම
- විවිධත්වය තුළින් සාමුහිකත්වය
- ඉස්ලාමයේ අරමුණ වන්නේ මුළු මිනිස් සමාජයටම පොදු වූ සමාදානයයි
- යුධ ප්‍රකාශ කරන්නේ සමාදානය ගොඩ නැගීමට බාධා කරන්නන් හා එයට එරෙහිවන්නන්ට
එරෙහිව පමණකි. ජිහාදයක් ලෙස හඳුන්වන්නේ ද එයයි. - මස්ජිදයන් (දේවස්ථාන) යනු නොකිලිටි සිත් ඇත්තන් හා එම මනෝභාවයත් ලෝක සමාදානය
ගොඩනැගීමේ ශුද්ධ වූ ස්ථානයක් මිස වෙනකක් නොවේ. - වර්තමානයේ සිටින ඇතැම් මුස්ලිම් වරුන්ගේ ක්‍රියාවන් දෙස බලා ඉස්ලාමය පිළිබඳ නිගමනයකට එළඹීම කිසිසේත්ම සුදුසු
නැත.
මෙවන් කරුණු මෙම ග්‍රන්ථයෙහි විග්‍රහ කොට ඇත. මුස්ලිම් නොවන අයට ඉස්ලාමය පිළිබඳ
වැරදි අදහස් ඇතිතාක් සහජීවනය සහ සංහිඳියාව ඇති කිරීමට උත්සාහ කිරීම සාර්ථක වන්නක්
නොවේ. එම නිසා ඉස්ලාමයේ වැරදි ලෙස තේරුම් ගෙන ඇති කොටස් නිවැරදි කරගෙන ඒවා පිළිබඳ වූ
සත්‍යය තත්ත්වය වලංගු හා සහතික කරන ප්‍රකාශ වලින් විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කළ යුතුයි.
ඉස්ලාමය පිළිබඳ වැරදි මත තුරන් කිරීමට
මුස්ලිම් වරු උත්සාහ ගත යුතුවාක් මෙන්ම සෑම ආගමිකයෙක්ම තම තමන්ගේ ආගම් වල තිබෙන සාමය
පිළිබඳ වූ අදහස් සමාජ ගත කළ යුතුයි. සෑම සමාජයකම ත්‍රස්තවාදී චින්තනයන් සහිත පුද්ගලයන්
සිටිය හැකි හෙයින් එම ආගම් නියෝජනය කරන ආගමිකයන් තම තමන්ගේ ආගම් වල තිබෙන සත්‍යයන්
පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ ආගම් අතර ඥාණාන්විත සංවාදයක් ඇති විය යුතුය. අපේ සිහිනය යහපත්
සිතුවිලි ඇති කර අන්තවාදය නිමා කිරීමයි. අපගේ
අරමුණ සතුට, ශාන්තිය හා සාමය සපිරි දේශයකි. ඒ සඳහා අපි සියලුදෙනාම අත්වැල් බැඳ එකට ක්‍රියා
කරමු.
[25][1]. අල්කුර්ආන්
9:05
[26][2]. අල්කුර්ආන් 9:36
[27][3].
අල්කුර්ආන් 9:123
[28][4]. සහීහුල් බුහාරි,
කිතාබුල් ඊමාන් -25
[29][5].
හුවයිද්දී, මුවාතිනූන්
ලා දිම්මියූන්, පිටුව
252.
[30][6]. අබු සුලයිමාන්, සර්වදේස උරවුහල්, පිටුව 172.
[31][7]. උපායක්, පි.172
[32][8]. උපායක්, පි.109
[33][9]. උපායක් පි. 51
[34][10]. ඉබ්නු
හිෂාම්, සීරා, 2 වැනි කොටස, පි.169,85,
අල්මුබාරක් පූරි,සෆිය්යුර්
රහ්මාන්, අර්රහීකුල්
මක්තූම්, පි.293,294
[35][11]. අල්කුර්ආන්
8:26
[36][12]. ඉබ්නු හිෂාම්, සීරා, 2 වන කොටස, පි. 214-233
[37][13]. අල්කුර්ආන්
33:10-13
[38][14]. අල්කුර්ආන්
2:217
[39][15]. ජමාල් බදවී, අලාකතුල් මුස්ලිම් බිගයිරිල් මුස්ලිම්, අල්මජල්ලතුල් ඉල්මිය්යා, 06/73
[40][16].
අල්කුර්ආන් 60:8,9
[41][17].
අබූසහ්රා, අල්අලාකාතුද්
දව්ලිය්යාහ් ෆිල්
ඉස්ලාම්, පි.43
[42][18]. අල්කුර්ආන්
2:256
[43][19].
අල්කුර්ආන් 5:13
[44][20].
අල්කුර්ආන් 24:54
[45][21]. අල්කුර්ආන්
9:6
[46][22]. හුවයිදී: 253,254
[47][23].
ජමාල් බදවී පිටු 90
[48][24]. ජමාල් බදවී පිටු
94
[49][25]. ‘ෆිත්නා‘ යන්න ජනයාව දහමින් නොමග යැවීමට ගනු ලබන කලබලකාරී තත්ත්වයක් උදා කීරීමට ගන්නා වෑයමකි.
[50][26]. අල්කුර්ආන්
2:190-192.
[51][27].
ඉබ්නු කසීර්, තෆ්සීර් අල්කුර්ආන්
අල්අලීම්, 01 වන
කොටස, පි. 318
[52][28]. අල්කුර්ආන් 9:05
[53][29].
අල්ගස්සාලි, ජිහාද්
අද්දා’වා 69,70
[54][30]. අබු සුලයිමාන්, සර්වදේස උරවුහල් 58-60, 166-172
[55][31]. කල්ලාෆ්, අස්සියාසතුස් ෂරඉයියා
– 85
[56][32].
ජමාල් බදවී, පි. 75
[57][33].
කල්ලාෆ් , අස්සියාසතුස් ෂරඉයියා.
පි.86
[58][34]. අල්කුර්ආන්
2:205
[59][35]. අල්කුර්ආන්
27:34
[60][36]. අල්කුර්ආන් 2:190
[61][37]. ඉබ්නු කසීර්, තෆ්සීර් අල්කුර්ආන් අල්අළීම් 01 වන කොටස, පි.319
[62][38]. සුනන් අබු දාවූද්, කිතාබුල් ජිහාද්, 2613, මුස්නද් අහමද්, 01 වන කොටස පි.300
[63][39] සහීහ්
මුස්ලිම්, කිතාබුල්
ජිහාද් – 4547
[64][40].
අබුකලීල්, ශෞකි,
අත්තසාමුහ් ෆිල්
ඉස්ලාම් -13.
[65][41]. අල්කාමිල් ෆිත්තාරික්, 2 වන කොටස, පි. 227, තාරික් තබරි, 3 වන කොටස, පි.226
[66][42].
http://www.csds-center.com/archives/83
[67][43].
දසූකි, පි.23
[68][44]. A Literary History
of the Arabs, Renould A. Nicholson, p-441, Also see for the details: The short history of Saracens, pp.560-561. මුස්ලිම් වරුන්හට නොයෙකුත් අවස්ථා වලදී
සිදු කළ දුක් කම්කටොලු ගැන බලන්න: Arnold,
p-146, Mahbboobul Islam, pp-339-340
[69][45]. මුස්තෆා සිබාඊ, මින්රවාඉඉ හලාරතිනා
-151
[70][46]. ISIS (Islamic State of Iraq and
Syria) origins, ideology, and responses by mainstream Muslim scholars- Page: 40
[71][47]. අල්කුර්ආන් 2:190
[72][48]. දසූකි 21,22, තවත් විස්තර සඳහා අබුසහ්රා 97-106
[73][49].
අස්සුනන් අල්කුබ්රා, කිතාබුස් සියර්: 17527,
17593
[74][50]. අස්සව්කානි,
නයිලුල් අවතාර්, 7 වන කොටස, පි. 260,261
[75][51]. අල්කුර්ආන් 9:06
[76][52]. අල්කුර්ආන් 76:09
[77][53]. තෆ්සීර් ඉබ්නු කසීර්,
4 වන කොටස පි. 2963
[54]. තබරානි, මජ්මඋස් සවාඉත්:
1009
[78][55]. අල්කූර්ආනය මෙය පහත සඳහන් අයුරු පවසන්නේය ‘ඔබලා (යුද්ධයක)
කීප දෙනෙකු මරුමුවට පත් කළේ නම්, යුද්ධය නිමාවන තුරු අනෙක් අයව අත් අඩංගුවට ගෙන
එක්කෝ ඒ අයව හොඳ හිතින් නිදහස් කරන්න. නැතහොත් යම් අගයක් ලබාගෙන නිදහස් කරන්න. (අල්කුර්ආන්
47:4)
[79][56].
අබු සහ්රා 114-116
[80][57].
අහමද්, 3 වන කොටස පි.122-124,
අබු දාවූද් – 2688
[81][58]. සහීහුල් බුහාරි, 1
වන කොටස පි. 462, සහීහ් මුස්ලිම් 1764
[82][59]. මුස්නද් අහ්මද්, 1 වන කොටස, පි. 247
[83][60]. මුස්නද් අහ්මද්, 6 වන කොටස පි. 277, අබු දාවූද් 3931,
ඉබ්නු කයියිම්,සාදුල් මආද්: 2 වන කොටස, පි.105




