අෂ්ෂෙයික් එස්.එම්.එම්.ෆලීල් (නලීමි)
B.A., M.A., M.Phil. (පේරාදෙණිය)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ජාමිආ නලීමිආ – ඉස්ලාමීය උසස් අධ්‍යාපන
ආයතනය,
ආයතනය,
බේරුවල.
ඉවසීම යනු තමාට වඩා වෙනස් මත
දරන්නන්, වෙනස් ආකාරයට ක‍්‍රියාකරන්නන් මෙන්ම අනෙක් ආගම් හා ප‍්‍රදේශවලට අයත්
පුද්ගලයන් විෂයෙහි සමානාත්මතාවයෙන් හා සාධාරණත්වයෙන් යුතුව ක‍්‍රියා කිරීමයි. මෙම
ආකල්ප “අන්‍ය මත ඉවසීම” යැයි නිර්වචනය කළ හැක. එමෙන්ම
මෙය තමා ප‍්‍රිය නොකරන කටයුත්තක් හෝ යම් විෂයක් කෙරෙහි මධ්‍යස්ථභාවයෙන් යුක්තව
කටයුතු කිරීම යනුවෙන්ද අරුත් ගැන්වේ.[1]

සහජීවනයෙන් යුක්ත වූ සාමකාමී
පරිසරයක් යනු වෙනස් වූ මත දරන ජන කොටස් තම අනන්‍යතාවන් ආරක්‍ෂා කර ගනිමින්
විවිධත්වය හේතුකොට ගෙන එකිනෙකා අතර ගැටුම් ඇති නොකර ගෙන ගරුත්වයෙන් යුතුව සාමකාමීව
ජීවත්වීමය.[2]
එනම් “විවිධත්වය තුළ එකමුතුකම ගොඩ නැංවීම” යනුවෙන් හැඳින්විය හැක.

මේ අනුව ඉවසීම හා සහජීවනය අතර
සමීප සබඳතාවක් ඇත. සැබැවින්ම සහජීවනය සඳහා වන මූලික කොන්දේසිය වනූයේ ඉවසීමයි.
සහජීවනය තිබෙන තැන සාමයද නියත වශයෙන්ම රඳා පවතිනු ඇත. මිනිස් ජීවිතයේ මූලික අංගවලට
මෙම ගුණාංග දෙක අයත් වේ. සමාජ,
ආර්ථික,
දේශපාලනික සහ ආගමික යන සෑම විෂයකටම මෙම ගුණාංග අත්‍යවශ්‍ය වේ. මෙම ගුණාංග
කෙනෙක් තුළ පිහිටා තිබීම යනු ඔහු ශිෂ්ට මෙන්ම පුළුල් දැක්මක් ඇත්තෙකු බවට සාක්‍ෂියකි.

ඉවසීම සහ සහජීවනය පිළිබඳ මූල ධර්මයන් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ ගැබ්ව ඇත. ඉස්ලාමයේ
සහජීවනය පදනම් කර ගත් කරුණු පහත පරිදි සඳහන් කළ හැක:

01) විවිධත්වය විශ්ව
නියමයක් ලෙස පිළිගැනීම
නියමයක් ලෙස පිළිගැනීම
විවිධත්වය පිළිගැනීම සහජීවනයේ පදනමයි. මිනිස් වර්ගයාගේ පැවැත්මට
විවිධත්වය අත්‍යවශ්‍ය බවද එය දෙවිඳුන්ගේ (නිර්මාතෘගේ) සැලස්මෙහිම වූ එක් කොටසක්
බවද ඉස්ලාමය පෙන්වා දෙයි. දෙවිඳුන් විවිධ වූ නිර්මාණයන් ජීවි අජීවි වශයෙන් මවා
තිබෙන අතර ඒ සියල්ලටම එකිනෙකට ආවේනික වූ ක‍්‍රියාකාරකම් නියම කර ඇත.

මිනිසුන් අතර විවිධ වූ වර්ණයන්ගෙන්
යුතු විවිධ භාෂාවන් කථා කරන, විවිධ ස්වරූපයන්ගෙන් යුතු සහ විවිධ ආකල්පයන්ගෙන් යුතු
අය සිටිති. දෙවිඳුන් විසින් මෙසේ විවිධත්වයක් ගොඩ නැංවීමට හේතුව එකිනෙකා තුළ ඇති
විවිධත්වය මූලික කොට ගෙන ඔවුන් අතර උස් පහත් භේදයන් ඇති කිරීම හෝ එකිනෙකා අතර
විරසකයන් ඇති කර කෝලාහල ගොඩ නැංවීම හෝ නොවේ. විවිධ භාෂාවන් කථා කරන සහ මිනිසුන් තුළ
ඇති විවිධත්වය මැවුම්කරුවකු සිටින බව සනාථ කරවන සාධකයක් යැයි අල්ලාහ් (නිර්මාතෘ)
අප වෙත අවධාරණය කරයි. මෙම විවිධත්වයෙන් යුතු නිර්මාණයන් පිළිබඳව සිහි නුවණින් යුතුව
සිතා බලන මෙන් මිනිසුන් වන අප සියල්ලන්ටම අල්කුර්ආනය ආරාධනා කරන්නේය.

“අහස් ද මිහිතලය ද නිර්මාණය
කර ඇත්තේ,
නුඹගේ භාෂාවන්හි ද වර්ණයන්හි ද විවිධත්වය ඔහුගේ (අල්ලාහ්ගේ) සංඥාවන්ගෙන්ය.
දැනුමැත්තන්ට නියත වශයෙන් ම එහි සාධකයන් ඇත.”[3]

එමෙන්ම මිනිසුන් අතර විවිධ වූ
ගෝත‍්‍ර ඇතිකර ඇත්තේ ඔවුන් එකිනෙකා වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට බවද අවධාරණය
කරයි.

“මනුෂ්‍යයිනි, සැබැවින්ම අපි ඔබව එක්
පිරිමියකුගෙන් හා එක් ස්ත‍්‍රියකගෙන් නිර්මාණය කළෙමු. කෙනෙකු අනෙකා හඳුනා ගනු පිණිස
ඔබ ජාතීන් හා ගෝත‍්‍රිකයින් වශයෙන් (පත්) කළෙමු. ඔබගෙන් කවුරුන් ඉතාමත් බිය බැතිව සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ්
අභියස ඉතා ගෞරවනීය තැනැත්තෙකි. සැබැවින්ම අල්ලාහ් සර්වඥය, සර්වප‍්‍රාඥය.”[4]

නිර්මාතෘ විසින් මිනිසුන් වන
අප වර්ණය,
භාෂාව හා ගෝත‍්‍රය වැනි විවිධත්වයෙන් යුතුව නිර්මාණය කිරීමට පැහැදිලි අරමුණක්
ඇති බව ඉහත වැකියන් තුළින් ගම්‍ය වේ.

සමේ වර්ණය මුල් කොටගෙන ඇති වූ
විවිධ ගැටුම් සහ කල කෝලාහලවලදී මාර්ටින් ලූතර් කිං, නෙල්සන් මැන්ඩෙලා වැනි ලෝ සුප‍්‍රකට පුද්ගලයින් ඊට
එරෙහිව සටන් කළහ.

ඉහත පෙන්වා දී ඇති අල්කුර්ආන්
වැකි පිළිබඳව මිනිසුන් අවධානය යොමු කරන්නේ නම් එවන් ගැටුම්කාරී අවස්ථා බොහොමයක්
අවම කර ගැනීමට හැකියාව පවතී. එම ඉගැන්වීම් තුළ අපගේ ආකල්ප සංවර්ධනය කර ගන්නේ නම්
අපරට තුළ වසර 30ක් පැවති වර්ගවාදය මුල්කොට
ගෙන ඇති වූ බෙදුම් වාදී ආයුධ සන්නද්ධ අරගලය පවා වළක්වා ගැනීමේ හැකියාවක් තිබුණි.
මන්ද යත් ඉස්ලාමය මෙවැනි බෙදීම් සහ ක‍්‍රියාවන් දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරන බැවිනි.

02) ධර්මයේ බලකිරීමක් නැත
මුස්ලිම්වරුන්ට තම ධර්මය අන්
අයට ඉතා විනීත ලෙසින් පැහැදිලි කර දිය හැකි වූවද එය වැළඳ ගන්නා ලෙස කිසිවෙකුට බල
කරන්නට ඉස්ලාමය අනුමත නොකරයි. ඉස්ලාමීය රාජ්‍යයක වාසය කරන අන්ආගමික සුළුතරයකට වූවද
එසේ බල කරන්නට කිසිදු අයිතියක් ඉස්ලාමීය රජයකට නොමැත. ආගමික විවිධත්වය ගැන
ඉස්ලාමයේ මඟ පෙන්වීම එයයි.

ඉස්ලාමය පිළිබඳව සමස්ත මිනිස්
වර්ගයා වෙත පැහැදිලි කර දීම මුස්ලිම්වරයකු සතු වගකීමක් වේ. නමුත් ඒ සඳහා ඉතාමත්
විනීත වූ ක‍්‍රමෝපායන් පමණක් භාවිතා කරන මෙන් අල්ලාහ් මුස්ලිම්වරුන් වෙත දන්වා
සිටී.

“(නබිතුමනි!) ප‍්‍රඥාවෙන්
යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරනු. තවද
ඔවුන් සමග ඉතා හොඳින් කරුණු සාකච්ඡා කරනු. ඔහු (අල්ලාහ්) ගේ මාර්ගයෙන් බැහැරවූවන්
ගැන නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති මැනවින් දනී. තව ද යහමඟට ලක් වූ අය ගැනද ඔහු
මැනවින් දනී.”[5]

ඉස්ලාමය පිළිබඳව සුමට වූත්
තර්කානුකූල වූත් අයුරින් තවකෙකු වෙත පහදා දෙන ලෙස ද යමෙකු ඉස්ලාමය ප‍්‍රතික්ෂේප
කළේ නම් ඔහු සමග සිරිත් පරිදිම සුහදශීලීව ඇසුරු කළ යුතු බවද ඉස්ලාමය පවසයි. ඉස්ලාමීය
රාජ්‍යයක් තුළ ජීවත් වන මුස්ලිම් නොවන පුරවැසියන් හඳුන්වනු ලබන්නේ ‘දිම්මි’
යනුවෙනි. මෙහි අර්ථය “ආරක්ෂාව ලැබූ තැනැත්තා” යන්නයි. එනම් ඔවුන් වෙත රැකවරණය හා ආරක්ෂාව ලබාදීම
ඉස්ලාමීය රාජ්‍යයක් සතු වගකීමකි. එසේම ඔවුන් වෙත ඉස්ලාමය වැළඳ ගැනීමට බල කිරීමට
කිසිවකුටවත් අයිතියක් නොමැත.

“දහම (අල්ලාහ් විසින් පහළ කරන
ලද ජීවන පිළිවෙත) පිළිපැදීමෙහි බල කිරීමක් නොමැත.”[6]

“නුඹගේ පරමාධිපතිට අභිමත වූයේ නම් මිහිතලය මත
සිටිනා සියල්ලන්ම විශ්වාස වන්තයින් වන්නට ඉඩ තිබිණි. එබැවින් මිනිසුන් (සියල්ල)
විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයා) ඔවුන්ට බල කරන්නෙහි ද?”[7]

“(නබිවරයා)නුඹ ඔවුන් කෙරෙහි
බලපෑම් කරන්නෙකු නොවේ.”[8]
බලපෑම් කරන්නෙකු නොවේ.”[8]
03) අනිකුත් ආගම්
හා සංස්කෘතිවලට ගරු කිරීම
හා සංස්කෘතිවලට ගරු කිරීම
අනිකුත් ආගමික ඇදහිලි හෝ ඒ
වටා ගොඩනැගුනු සංස්කෘතීන් ඉස්ලාමයට පටහැනි වුවද ඒවා අවඥාවට ලක් කිරීමට
මුස්ලිම්වරුන් වෙත ඉස්ලාමයෙන් කිසිදු අවසරයක් ලබා දී නොමැත. ඉස්ලාමය සැම විටම තම
සමාජය තුළ සහජීවනය ගොඩ නැංවීම උදෙසා සමාජය මෙහෙයවයි.

කෙනෙකු තමාගේ ආගම හෝ
සංස්කෘතිය අන් අය විවේචනය නොකළ යුතුය යැයි අපේක්‍ෂා කරන්නේ නම් පළමුවෙන් ඔහු අන්
අයගේ ආගම් සහ ඇදහිලි විවේචනය කිරීමෙන් වැළකී සිටිය යුතුය. සර්ව ආගමික සංවාද යහපත්
කරුණක් වුවද ඒවා අන් ආගම් විවේචනය කරන වේදිකා බවට පත් නොවිය යුතුය.

“තවද පුස්තකය (දෙවිඳුන් පහළ
කළ දහම්) ලද ජනයා (කිතුනු හා යුදෙව්) සමග යහපත් අයුරින් මිස නුඹලා විවාද නොකරවු.”[10]

සතුරන් සමඟ සටන් කරන විට
ඔවුන්ගේ ප‍්‍රදේශයේ තිබෙන ආගමික දේවස්ථානවලට හානි ඇති නොකළ යුතු යැයිද ආගමික නායකයන්ට
ප‍්‍රහාර එල්ල නොකළ යුතු යැයිද ඉස්ලාමය අවධාරණය කරයි. ඉස්ලාමයේ ප‍්‍රතිපත්තිය
වන්නේ ‘නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය’ යන්නයි.’[11]

ස්පාඤ්ඤය, ඉන්දියාව වැනි රටවල්
මුස්ලිම්වරුන්ගේ අණසකට යටත් වී වසර සිය ගණනක් ඔවුන් විසින් එම රටවල් පාලනය කළ
සමයෙහි වුවද ඔවුන් එහි ජීවත් වන ජනයාව තමන්ගේ බලය යොදවා ඉස්ලාම් ධර්මයට හරවන්නට
කිසි විටෙකවත් වෑයම් කළේ නැත. එපමණක් නොව අන්‍ය ආගමික ස්ථානවලට රාජ්‍ය අනුග‍්‍රහයෙන්
ආරක්‍ෂාව ලබා දුන්නා සේම ඒවායේ නඩත්තුව සඳහාද ඉස්ලාමීය රජය දායක විය.

04) මිනිස්කමට
ලැබුණු පොදු වේදිකාව
ලැබුණු පොදු වේදිකාව
භාෂා, ආගම්, වර්ණ භේද පසෙකලා මිනිසුන්ට
මිනිසා යන පොදු ලක්‍ෂණයට මුල් තැන දෙන මෙන් ඉස්ලාමය උගන්වයි. මිනිස්වර්ගයාගේ ආරම්භය
‘ආදම්’ සහ ‘හව්වා’ යන එකම යුවලින් බිහි වූවක් බව ඉස්ලාමය අවධාරණය කරයි. ඒ අනුව
ඔවුන් එකම සහෝදර දරු කැළකි.

“මිනිසුනි! ඔබ සියල්ලන්වම එකම
පුද්ගලයෙකුගෙන් නිර්මාණය කර එයින් නියමිත යුගලද මවා ඒ දෙදෙනා තුළින් බොහෝ
පුරුෂයින් හා ස්ත‍්‍රීන්ද පතුරවා හැරූ ඔබගේ දෙවියන්ට බිය බැති වන්න.”[12]

වර්තමානයෙහි සතුන්ට කරුණාව
දක්වන මිනිසුන් ජාති, ආගම් හා භාෂා භේද නිසා ඔවුනොවුන් අතර ඇන කොටා ගනිති. එනමුත්
මිනිසුන් ස්වරූපයෙන් හා ලක්‍ෂණවලින් එක සමානය. රුධිරය එකම පාටය. වේදනාව හා සතුට
ඔවුන්ට එක සමානව දැනෙති. අවශ්‍යතාවන්ද එක හා සමානය. ඒ සියල්ල අභිබවා යමින් ඉස්ලාමය
දෙසන්නේ ඔවුන් එකම මව්පිය යුවලකින් පැවතෙන සොහොයුරන් බවය. වරක් ඉස්ලාමයට දැඩි
සතුරුකම් කරමින් සිටි යුදෙව් මිනිසෙකුගේ මෘත දේහයක් ගෙන යනු දුටු මුහම්මද් නබි(සල්)තුමාණන්
නැගී සිට එයට ගෞරවය දැක් විය. සිය සගයින් මේ ගැන විමසූ විට ‘එය ද ආත්මයක් නොවේද?’ යි
එතුමාණෝ කීහ.

05) නීතිය සැමට
සාධාරණ විය යුතුය
සාධාරණ විය යුතුය
නීතිය ඉදිරියේ සියල්ලන්ම එක සමාන
විය යුතුය. තම ආගමට ජාතියට අයත් වන්නා, එසේ නොවන්නා, මිතුරා,
සතුරා,
ඥාතියා,
ඥාතී නොවන්නා,
තමා හඳුනන්නා,
නොහඳුනන්නා,
තමාගේ භාෂාව කථා කරන්නා,
වෙනත් භාෂාවක් කථා කරන්නා ආදී වශයෙන් කිසිදු වෙනසක් නොබලා යුක්තිය ඉටු කළ
යුතුය. යුක්ති සහගත නොවීම සහජීවනය හා සාමය විනාශ කර දමන්නට එක් හේතුවකි. මෙයට ලෝක
ඉතිහාසය දෙස් දෙයි. අල්කුර්ආනයේ දෙසුම වන්නේද මෙයමය:

“(විශ්වාසවන්තයිනි,) නීතිය
අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරනු. මිනිසුන් ගෙන් එක් කොටසක්
කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළඹවා නොගනිවු. ඔබ
යුක්තියම ක‍්‍රියාත්මක කරනු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක
වුවද) ඔබ අල්ලාහ්ටම බිය වනු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ මැනවින් දනී.”[13]

“විශ්වාසවන්තයිනි, යුක්තිය දැඩි ලෙස ඉටු කරන්නන්
වනු. නුඹලා කෙරෙහි හෝ දෙමාපියන් හා ඥාතීන් කෙරෙහි හෝ එරෙහි වුව ද අල්ලාහ් වෙනුවෙන්
සාක්ෂි දරන්නන් වනු. ඔහු ධනවත් වුව ද දිළිඳු වුව ද අල්ලාහ් ඔවුන් දෙදෙනා පිළිබඳව
(නුඹලාට වඩා) සැලකිලිමත් වන්නේය. නුඹලා සාධාරණව කටයුතු කිරීම පිණිස පහත් ආශාවන් අනුගමනය
නොකරනු. (නුඹලා සාක්ෂි දීමේ දී සාක්ෂිය) වෙනස් කළේ නම් හෝ (සත්‍යය ස්ථාපිත කිරීමට)
පිටුපාන්නේ නම් හෝ එවිට අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්ත වන්නෝය.”[14]

මුහම්මද් නබි(සල්)තුමාණන්ගේ කාලයෙහි
එක්තරා සොරකමක් විෂයයෙහි මුස්ලිම්වරයෙකු සම්බන්ධයෙන් මුස්ලිම් නොවන්නෙකු විසින්
චෝදනා කරන ලදී. එය පිළිගැනීමට එතුමාණන් මැලි විය. එවිට පහත ශුද්ධ වූ අල්කුර්ආන්
වැකිය එතුමාණන්ගේ එම මතය විෂයෙහි මෙසේ පහළ විය:

“අල්ලාහ් නුඹට පෙන්වා දුන් දෙයින්
ජනයා අතර තීන්දු දීම පිණිස සැබැවින්ම අපි සත්‍යයෙන් යුත් පුස්තකය නුඹට පහළ කළෙමු.
තවද වංචනිකයින් වෙනුවෙන් නුඹ මැදිහත් වන්නකු නොවනු.”[15]

මුහම්මද් නබි(සල්)තුමාණන්ගේ සමීප
ඥාතියෙකු වූ අලී(රළි) තුමා පසු කලෙක කලීෆා (ජනාධිපති) බවට පත්විය. එවිට යමෙකු
විසින් ඔහුගේ පළිහ සොරකම් කරන ලදී. පසුව එය මුස්ලිම් නොවන පුද්ගලයෙකුගේ සන්තකයේ
තිබී සොයා ගන්නට හැකි විය. එසේ වුවද එම
පළිහේ හිමිකාරත්වය සැකයෙන් තොරව අධිකරණය හමුවේ ඔප්පු කරන්නට ජනාධිපති අලී(රළි) අපොහොසත්
වූයෙන් එතුමා විසින්ම පත් කරනු ලැබ සිටි එම විනිසුරුවරයාම අදාළ නඩුව ඉවත දැමුවේය.
ඉස්ලාමීය පාලනයේ තිබුණු යුක්තිය හා ජනාධිපතිවරයා විෂයෙහි වුවද නීතිය අනුව ක‍්‍රියා
කරනු දැකීමෙන් අතිශයින් පැහැදුනු විත්තිකරු එම පළිහ සැබැවින්ම අලී(රළි)ගේ යැයි
පිළිගෙන එය ඔහුට භාර දී ඉස්ලාමය වැළඳ ගත්තේය. යුක්තිය හා සාධාරණය යනු සාමයට හා
සහජීවනයට ප‍්‍රධාන අවශ්‍යතාවන් වන්නේය යන්න ඉස්ලාමයේ මග පෙන්වීමයි.

06) මානුෂීය
සහාය
සහාය
පැහැදීමක් ඇති කිරීමේ ප‍්‍රධාන
මගක් නම් යහ ගුණාංග හා මානුෂීය උපකාරයයි. අන් ආගමිකයන්ට උදව් උපකාර කිරීමට ඉස්ලාමය
කිසිසේත් බාධා පනවන්නේ නැත. සැබැවින්ම දුගී බව, ලෙඩ රෝග වැනි පීඩාවන්ට ලක්ව සිටින්නන්ට උදව් කිරීම
මුස්ලිම්වරුන්ගේ වගකීමක් මෙන්ම කුසල් ලැබෙන යහ ක‍්‍රියාවන් යැයි ඉස්ලාමය අවධාරණය

“දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හටද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් බැහැර
නොකළවුන් හටද යහපත කිරීම හා යුක්ති ගරුකව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලාව
වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුකව කටයුතු කරන්නන් ප‍්‍රිය කරන්නේය.”[16]

මේ අනුව බලන කල ලොව බහුතරයක්
සිටින්නේ යහපත් මිනිසුන්ය. ඔවුන් සමග සාමයෙන් යුක්ති සහගතව කටයුතු කරමින් සුහදශීලිව
වාසය කිරීම මුස්ලිම්වරුන්ගේ වගකීමකි.

සහජීවනයේ ක්‍රමවේදය
ඉවසීම හා සහජීවනය යනු
ඉස්ලාමීය ඉතිහාසය පුරා දැකිය හැකි ලක්‍ෂණ වේ. අතීතයේ පටන්ම මුස්ලිම්වරුන් අන් අය
සමග මිත‍්‍රශීලීව හා එක්ව වාසය කර ඇත. මේ සඳහා සාධක කිහිපයක් පහත දක්වා ඇත. මදීනා
නගරයේ ලොව පළමු ඉස්ලාමීය රජය පිහිටවූ අවස්ථාවෙහි එහි යුදෙව්වන්, කිතුනුවන් ඇතුළු මුස්ලිම් නොවන්නන්
කිසිදු බියකින් තොරව ඔවුන්ගේ ආගම් අදහමින් ඔවුනොවුන්ගේ ආගමික අයිතිවාසිකම් සහිතව
වාසය කිරීමේ නිදහස ඔවුන්ට සහතික කරන ලදී. පසුව මුස්ලිම්වරුන්ට අත්පත් වූ සෑම රාජ්‍යයකම
මෙවැනි අන්‍ය ආගමිකයෝ නිදහසේ නිරුපද්‍රිතව වාසය කළහ.

මක්කා නගරයෙහි මුස්ලිම්වරුන්
හා අන් ආගමිකයන් අතර හුදෙයිබියා නමින් සටන් විරාම ගිවිසුමක් ඇති කරනු ලදුව ඔවුන්
දෙපාර්ශවයම බියෙන් තොරව වාසය කළෝය. මදීනාවේ මුස්ලිම්වරුන් එහි වාසය කළ යුදෙව්, කිතුනු, බහුදේවවාදීන් සමඟ ගනුදෙනු
කරමින් හා අසීරු ආපදා අවස්ථාවන් වලදී එකිනෙකාට උදව් උපකාර කරමින් සුහදව වාසය කළහ.
මුස්ලිම්වරුන් හා අන් අයට තිබුණු ලේ ඥාතීන්ට ගරු කරන්නට කිසිදු බාධාවක් ඉස්ලාමය
පනවා නැත. නජරාන් වැනි විදේශ රටවල් ඇතුළු විවිධ රටවල පිරිස් මුහම්මද් නබි(සල්)තුමාණන්
හමු වී සාකච්ඡා පැවැත් වූහ. ගිවිසුම් වලට අත්සන් තැබූහ. හිප්රි 9 වැනි වසර දූතයන්ගේ වසර යැයි හඳුන්වන
තරමට එම වසරෙහි මුස්ලිම් නොවන විදේශික දූත පිරිස් බොහොමයක් එතුමාණන්ව හමුවීමට
පැමිණියහ.

පොදු කටයුතුවලදී
මුස්ලිම්වරුන් අන් ජන කොටස් සමඟ එක්ව වැඩ කළහ. එසේ කරන මෙන් ශුද්ධ වූ අල්කුර්ආනයේ නිර්දේශ කර ඇත.

“තවද යහපත හා දේව බිය හැඟීම
කෙරෙහි ඔබ එකිනෙකාට සහය වන්න. පාපය හා සීමාව ඉක්මවීමෙහි ඔබ එකිනෙකාට සහය නොවන්න.”[17]

මුහම්මද් නබි(සල්) තුමාණන් තරුණ
වියෙහි සිටින විටම මෙවන් සමාජ සේවා ආකල්ප තිබූ කෙනෙකු විය. මෙසේ මුස්ලිම්වරුන් අන්
ජන කොටස් සමඟ සහජීවනයෙන් කටයුතු කළ අතරම ඔවුන් අයුක්ති සහගතව කටයුතු කිරීමට එරෙහිව
සටන් කිරීමටද පසුබට වූයේ නැත. අයුක්තියට හිස නමමින් සිටින්නට ඉස්ලාමය අවසර නොදෙයි.
එමෙන්ම තමාගේ ආත්මාරක්‍ෂාවට තර්ජන එල්ල වන විට එය දිගින් දිගටම ඉවසා සිටිය යුතු
යැයි ඉස්ලාමය දෙසන්නේද නැත. එය ප‍්‍රායෝගික වන්නේද නැත.

07) සම්මිශ්‍රනය නොවී එක් ව වාසය කිරීම
අන් ජනකොටස් සමඟ එක්ව වාසය
කළද තම අනන්‍යතාවන් රැක ගැනීම මුස්ලිම්වරුන්ගේ වගකීමකි.

ඉස්ලාමයට අදාළ ආගමික වතාවත්, සුවිශේෂී චර්යා, සිරිත් විරිත් ආදියෙහි කිසිදු
අඩුවක් කරන්නට ඉස්ලාමයේ අනුමැතියක් නැත. සහජීවනයේ නාමයෙන් මෙම අනන්‍යතාවන්ට හානි
ඇති කර ගත නොයුතුය. පිළිමවලට වැඳීම,
අජ්නබී යන නමින් හැඳින්වෙන අන්‍ය පුරුෂයන් ඉදිරියේ ඉස්ලාමය නිර්ණය කළ
ඇඳුමින් මුස්ලිම් ස්ත‍්‍රීන් ආවරණය නොවී සිටීම, අනුමැතිය නොමැති මාංශ හෝ ඉස්ලාමීය ක‍්‍රමයට ඝාතනය
නොකරන ලද මාංශ අනුභව කිරීම වැනි දේ අන් අය සතුටු කිරීමට යැයි කියමින් කරන්නට
මුස්ලිම්වරුන්ට අවසර නැත.

මේ අනුව අන් ජන කොටස් වලින්
ඈත් වී සිටීම හා ඔවුන් සමග පමණට වඩා සම්මිශ‍්‍රණය වීම යන අන්ත දෙකටම නොගොස්
මුස්ලිම්වරුන් මධ්‍යස්ථ පිලිවෙතක් අනුගමනය කළ යුතුය.

08) සහජීවනය වෙනුවෙන් යුද්ධ කිරීම.[18]
ඉස්ලාමීය ඉතිහාසයේ මුස්ලිම්
නොවන්නන්ට එරෙහිව මුස්ලිම්වරු යුද මෙහෙයුම් කර ඇති බව නොරහසකි. එය පිටස්තරයන්ගේ
පීඩනයන්ට මුස්ලිම්වරුන් ලක් වූ බැවිනි. එවන් නොවැළැක්විය හැකි අවස්ථාවන්හි තමන්ගේ
ආත්මාරක්ෂාව උදෙසා ඔවුහු යුද මෙහෙයුම් දියත් කළහ. එසේම මුස්ලිම් පාලකයින් හෝ
මුස්ලිම් නොවන පාලකයින්ගේ ග්‍රහණයෙන් දුර්වල පිරිමින් කාන්තාවන් හා දරුවන්, ඔවුන්
කවර ආගමකට අයත් වුවද එවැනි අසරණයින් මුදාලීම උදෙසාත් මුස්ලිම්වරුන් විසින් යුද
මෙහෙයුම් දියත් කරන ලදී.[19]

මුස්ලිම්වරුන්ගේ උරුමයන්
මුළුමණින්ම වළක්වා ඔවුනට එරෙහිව ආයුධ ඔසවා ඔවුන්ගේ වාසස්ථානවලින් පිටුවහල් කොට
සිදු කරන්නා වූ එවන් පීඩිත ක්‍රියාවන්
සිදු කළ අපරාධකරුවන් ගැන මුස්ලිම්වරු ඉවසා නිහඬව සිටියේ නැත. එය ඔවුන් සිය
දිවි නසා ගැනීමට සමාන ක්‍රියාවක් යැයි සිතුවෝය.

සාකිර් නාඉක් නම් පර්යේෂකයා
මෙසේ පවසයි: “Certain critics of Islam allege that Muslims
are ‘intolerant’. Yes, Muslims are intolerant toward injustice, toward
oppression, toward tyranny, toward hatred, and toward anti-social elements of
society. At the same time, Muslims are tolerant toward kindness, toward love,
toward mercy, toward justice and peace.” (අයුක්තිය, අසාධාරණය හා පීඩිත භාවය සමඟ ඉස්ලාම් සංහිදියාව
හා සහජීවනය නොපවත්වනු ඇත. එසේ සංහිදියාව හා සහජීවනය පවත්වනුයේ ආදරය, කරුණාව හා
මෛත්‍රිය සමඟය. ඉස්ලාමයේ සංහිදියාවක් නැතැයි ඇතැමුන් පවසනුයේ ඒ නිසාවෙනි.)[20]

එමනිසා මූලික වශයෙන් ඉස්ලාමය
ශාන්තිය හා සමාදානය පදනම් කරගත් ආගමකි. එය ඉටු කිරීම උදෙසා යුධමය උපක්‍රම පවා අවශ්‍ය
වූ විට භාවිත කළ යුතුය යන මතයේ සිටියි.

09) ප්‍රතිසන්ධාන
ක්‍රමෝපායයන්
ක්‍රමෝපායයන්
පාර්ශව දෙකක් අතර තිබුණු
ගැටුම් අවසන් වුවහොත් ඔවුන් අතර ප‍්‍රතිසන්ධානයක් ඇති කිරීමට ක‍්‍රියා කරන මෙන් ඉස්ලාම්
ධර්මය උපදෙස් දෙයි. එක් පාර්ශවයක් අතින් තවත් පාර්ශවයකට අයුක්තියක් සිදු වී තිබෙන
බව සනාථ වුවහොත් අදාළ පාර්ශවය අනෙක් පාර්ශවයෙන් සමාව අයැදිය යුතුය. අවශ්‍ය නම් හානි
පූර්ණද ලබා දිය යුතු යැයි ඉස්ලාමය දෙසයි. එමෙන්ම වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට ද
කටයුතු කළ යුතුය. මේ පිළිබඳ නබි වදනක මෙසේ සඳහන් වෙයි. “ඔබගේ සබඳතාවය සිඳ දමා
සිටින්නන් සමඟ ද ඔබ සබඳතාවය පවත්වන්න. ඔබට නොදෙන අයට ඔබ දෙන්න. ඔබට අයුක්තිය
කළවුන්ට ඔබ සමාව දෙන්න.”[21]

යහපත් විශ්වාසිකයන් වෙත තිබිය
යුතු උදාර ගුණාංග ගැන ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙසේ සඳහන් වෙයි.

“අයහපතට කුලිය එවැනිම වූ අයහපතක්මය.
එනමුත් යමෙක් සමාව දී සංහිදියාව ඇති කළේ නම් ඔහුගේ කුලිය අල්ලාහ් වෙතම වේ. නියත
වශයෙන්ම ඔහු අපරාධ කරන්නන්ව ප‍්‍රිය කරන්නේ නැත.”[22]

යහපත් විශ්වාසවන්තයින්ගේ
ඇතැම් ගතිගුණ ගැන විස්තර කරන විට ඔවුහු “මිනිසුන්ට සමාව දෙන්නන් ලෙස සිටිනු ඇත.”[23]
යැයි පවසයි.

මෙහි ‘මිනිසුන්ට සමාව දීම’ යන
පදයෙහි මුස්ලිම්වරුන්ට පමණක් සීමා වූ සමාවක් නොව, පොදුවේ දැහැමි මිනිසුන් සියල්ලන්
හට සමාව දීම යන අර්ථය පෙන්වා දී ඇත.

“තමාගේ සොහොයුරාගේ ආත්ම
ගරුත්වය හෝ ඔහුට හිමි කිසිවක් සම්බන්ධයෙන් කෙනෙකු අයුක්තියක් කර තිබුනේ නම් දිනාර්
හෝ දිර්හම්වලින් කිසිදු ඵලක් නොමැති දිනය (එනම් පරමාන්ත දිනය) ඇති වන්නට පෙර එයින්
නිදහස් වෙත්වා”[24] යි මුහම්මද් නබි(සල්) තුමාණන්
අවවාද කළේය.

සහජීවනය හා ඉවසීම දෙසන
ඉස්ලාම් ධර්මය එයට අවශ්‍ය මගපෙන්වීමද ලබා දෙයි. අවසාන විකල්පයක් ලෙසින් පමණක් යුධ
වැදීම නිර්දේශ කරන ඉස්ලාම් ධර්මය හැකි පමණ සාමය හා සමාදානයම අවධාරණය කරයි. එමෙන්ම
තම ආගමික හෝ සංස්කෘතික අගයන් සැහැල්ලු ලෙස සැලකීමෙන් මුස්ලිම්වරුන් ප‍්‍රවේශම් විය
යුතු යැයිද ඉස්ලාමය අවවාද කරයි.

ඉන්දියාව, ස්පාඤ්ඤය වැනි රටවල
මුස්ලිම්වරුන්ගේ පාලනය තිබුණු වකවානුවලට එම රටවල් ආගමික සහජීවනයේ උද්‍යාන ලෙසින් පැවතුණේය.
එවිට එම පාලනවල සිටි අන්‍ය ආගමිකයෝ මුස්ලිම්වරුන් සමඟ අත්වැල් බැඳ ගනිමින් රාජ්‍ය පාලනය,
අධ්‍යාපනය,
සමාජ සංවර්ධනය ආදී ක්ෂේත‍්‍රවලට නොමසුරුව දායක වූහ. සමාජ සහජීවනය හරහා
උන්නතිය ඇති කිරීම ඉස්ලාමයේ මග පෙන්වීමයි.

[20].Zakir Naik, Tolerance
towards No-Muslims Haj & Umra (Magazine), p31. https://www.islamicity.org/forum/forum_posts.asp? TID=9688